(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නැති බවත් තමන් දන්නා තරමින් රජයටද වාහන ආනයනය සීමා කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (23) ප්‍රකාශ කළේය.
පසුගිය පෙබරවාරි 1 වැනිදා මෙරට වාහන ආනයන සීමා ඉවත්කර ආකාරයටම ඉදිරියටත් මෙරට වාහන ආනයනය විවෘතව පවතිනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන උපරිම ණය සීමාව සංශෝධනය කිරීමෙන් වාහන ආනයනය සීමා කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
වාහන මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු, මූල්‍ය සමාගම් සහ ලියාපදිංචි මුල්‍ය කල්බදු ආයතන අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරනු ලැබුවේ මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිමය හා නියාමන ක්‍රියාමාර්ගයක් ලෙස බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ඕනෑම ණය මුදලක් ලබා ගැනීමට යාමේදී ලබාගත හැකි උපරිම ණය සීමාවක් තිබෙන බවත් එලෙස උපරිම ණය සීමාවක් තිබෙන්නේ රටේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. එමගින් යම් පුද්ගලයකු ණය මුදලක් ගැනීමේදී ඔහු ලබා ගන්නා ණය මුදල දරාගත හැකි මට්ටමක තිබෙන බව සහතික කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
මෝටර් රථ ආනයනය කිරීම සඳහා වසර කීපයක තහනමක් තිබූ බැවින් උපරිම ණය සීමාව සංශෝධනය නොකළ බවත් නමුත් නව මහ බැංකු පනත යටතේ මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිමය හා නියාමන ක්‍රියාමාර්ගයක් ලෙස මෝටර් රථ මිලදීගැනීමේදී ලබාදෙන උපරිම සීමාව සංශෝධනය කළ බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
පුද්ගලික වාහනයක් මිලදී ගැනීමේදී සියයට 70 ක ණය මුදලක් ලබාගෙන ඉතිරිය සඳහා මුදල් යෙදවීම අසාධාරණ නොවන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. වාණිජ වාහනයක් මිලදී ගැනීමේදී උපරිම ණය සීමාව ඉහළ මට්මක තිබෙන්නේ එම වාහනවලින් ආදායමක් ලැබීමත්, මිලදී ගන්නන් වෙත මුදල් ගලා එම ඉහළ වීමත් නිසාවෙන් බවද වීරසිංහ මහතා පැවැසුවේය.
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
’’මහ බැංකුව වාහන ආනයනය සීමා කර නෑ’’
Rasika Wednesday, 23 July 2025 06:12 PM
නන්දලාල් මහත්තයත් පචෝරිස් කෙනෙකු ගාණට වැටෙයිද දන්නෙ නෑ මේ අයත් එක්ක වැඩ කරලා.
ගුණරත්න Wednesday, 23 July 2025 07:13 PM
ඇයි සීමාවක් නැත්තේ? ආනයන බදු 3 ගුණයක් කරලා තියෙන්නේ. ආනයන සීමා පැනවීමක් තමයි, එන්ජින් ධාරිතාව, වාහනයේ නිෂ්පාදිත වර්ෂය ආදී කාරනා මත බදු කියන්නෙත් පාලන සීමා තමයි. සාමාන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්න බැරි වෙන්නත් ඉතාම ධනවත් සුළු පිරිසකට පමණක් වාහන ගන්න පුළුවන් වෙන්නෙත් මේ සීමා නිසා තමයි.