IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


’’මට ජනතාවගේ ආදරය මිස අන් කිසිවක් අවශ්‍ය නැත’’

(අංජුල මහික වීරරත්න)

"මහින්ද රාජපක්ෂට ජනතාවගේ ආදරය මිස අන් කිසිවක් අවශ්‍ය නැතැයි" හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසයි.

වැව් බැඳි රටේ ලෙංගතු මිනිසුන්ගේ කෘතවේදීත්වය අසීමිතව වින්දෙමි, යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා එම සටහනේ සඳහන් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කරන්නේ තමන් බැහැ දැකීමට කොළඹට පැමිණි ග්‍රාමීය ජනතාව ගැන සඳහන් කරමිනි.

"ග්‍රාමීයව හැදී වැඩුණු අපට මෙම පුරුදු හුරුය. අප අස්වැනේ මුල් කොටස පූජා කරන්නේ බුදුන්ට, දෙවියන්ටය. අසල්වැසියන් අතරේද තම මුල් අස්වැන්නෙන් කොටසක් බෙදා ගන්නේ සුහදතාව වර්ධනය කර ගැනීමටය. ගෙවත්තේ ඇති ගසේ එලදාවෙන් කොටසක් හිතවතුන් සමඟ බෙදා ගන්නේ ද ලෙංගතුකම නිසාය. අතීත ශ්‍රේෂ්ඨ රාජධානියක ගෞරවනීය කෘෂි ජනතාවගේ සමීපතමයෙක් වීමට ලැබීම මට මහත් ගෞරවයකි. ජනතා නායකයෙක් ලෙස ජනතාවගේ ආදරය තරම් වටිනා වෙනත් දෙයක් නැත. ලෙංගතු මිනිසත්කමින් පොහොසත් එම ජනතාව සෙනෙහසින් සිහිපත් කරමි. සැමදා සවියක් වූ අපේ ස්වාමීන් වහන්සේලාව ද ගෞරව පූර්වකව සිහිපත් කරමි.

මේ රටේ වැඩිහිටි පරම්පරාව වන අපට ටයර් පිළිස්සුණු ගඳත්, බෝම්බ බියත් අමතක කළ නොහැක. ටයර් සෑයවල් දැවෙද්දී තරුණ දරුවන් වෙනුවෙන්, මවුපියන් වෙනුවෙන්, ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මම සටන් කර ඇත්තෙමි. බෝම්බ දුමාරය නැගෙද්දී ත්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය දුන්නෙමි. යුද්ධය අවසන් කිරීම පිළිබඳ මා තුළ ඇති එකම පසුතැවීම නම් මෙයටත් පෙර ත්‍රස්තවාදය අවසන් කිරීමට නොහැකි වීම පමණි.

උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය හේතුවෙන් බොහෝ පීඩාවට පත්වූහ. මායිම් ගම්මාන වල වැසියන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කළහ. බොහෝ ගම් වැසියන් ගම් බිම් අතැර දමා යාමට සූදානම් වෙද්දී අපේ ගමේ ස්වාමින් වහන්සේලා ගමින් ගමට වැඩම කරමින් ගම්වල රැඳී සිටීමට ගම්වැසියන් ධෛර්යමත් කළහ. ගම්බිම්වලට ප්‍රහාර එල්ල කරද්දී ජනතාව පන්සලට ගෙන ගොස් ආරක්ෂා කර ගත්හ. හමුදා නිල දරුවන් ද, ස්වාමීන් වහන්සේලා ද පන්සල ආරක්ෂා කළහ. මායිම් ගම්මානවල බොහෝ ජනතාව රැය පහන් කළේ පන්සලේ හෝ හමුදා කඳවුරු තුළය.



අදහස් (0)

’’මට ජනතාවගේ ආදරය මිස අන් කිසිවක් අවශ්‍ය නැත’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 120 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1064 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site