(අංජුල මහික වීරරත්න)
මිනිසුන් ඝාතනය කර රාජ්‍ය දේපළ විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් විය හැකි නම් අවිහිංසාවාදී දේශපාලන පක්ෂයක් වන තම පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමට සිය දහස් ගුණයක අයිතියක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජාතික ජනබලවේගය සුපිරිසිදු පක්ෂයක් යැයි ඇතමුන් විශ්වාස කළත් එය සත්‍ය නොවන බව කී ඇමතිවරයා පසුගිය මැයි 9 වැනිදා සිද්ධියට ඇතැම් තැන්වල නායකත්වය දුන්නේ ජවිපෙට සම්බන්ධ අය බව කීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල හා හලාවත ප්‍රදේශවල පැවති පළාත් පාලන අපේක්ෂක හමු වලට සහභාගී වෙමිනි.
කුරුණෑගල හා පුත්තලම් දිස්ත්‍රික්ක වල පළාත් පාලන ආයතන සඳහා මෙවර පොහොට්ටුවෙන් ඉදිරිපත් වන සියලුම අපේක්ෂයන් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණ.
“මෙතනට ආවට පස්සේ හැමෝම ඇහුවේ ඇමතිතුමා මැතිවරණය තියනවද නැද්ද කියලා. ඒකට මටවත් මහලේකම්තුමාටවත් උත්තරයක් දෙන්න බැහැ. හේතුව අධිකරණයට ගිහින් තියෙන්නේ. 9 වෙනිදා 10 වෙනිදා වන විට අධිකරණය ලබා දෙන තීන්දුව මත තමයි මැතිවරණය පැවැත්වෙනවාද නැද්ද කියලා තීන්දු වෙන්නේ"යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
COMMENTS
කප්පම්කාරයෝ, කුඩු මුදලාලිලා, ස්ත්‍රී දූෂකයෝ, කසිප්පු කාරයෝ කැලෑ පාලුවෝ, වැලි, පස් ජාවාරම් කාරයෝ ඉන්න ලෝකයේ තියෙන එක සුපිරිසිදු දේශපාලන පක්ෂය තමයි ඕක. එළියට බැහැලා බලන්නකෝ ඡන්දය ඉල්ලන්න පුළුවන්ද කියලා...
රටේ ජාතික ධනය සොරකම් කළ අයට රට උකස්කර ණය ලබාගෙන සාක්කුවේ දාගන්නකම් නිශ්ශබ්දව සිටි අයට ඡන්දයට ඉදිරිපත් විය නොහැකි බව ජනතාව කියනවා. දැන් අනෙකුත් අය ගැන කියවීමෙන් ඵලක් නැහැ.
මොනවට කියනවද? පට්ට අහිංසකයෙක්..
හැමෝම ඇහුවේ ඇමතිතුමා මැතිවරණය තියනවද නැද්ද කියලා, උබල වගේ හොරු සෙට් එකක් වෙන්න ඇති එහෙම අහන්න ඇත්තෙ. ඇමතිතුමා කියලත් කිව්වද?
ඔබතුමාලගේ ආන්දුවක්නේ තියෙන්නේ .වැරදිකරුවන්වත් දන්නවානම් .අයි දඬුවම් දෙන්නේ නැත්තේ ?
තමුන්නාසේල කරලා පෙන්නුවේ , හොදටෝම ඇති අපි වැටිලා මහත්තයෝ , තවත් එන්න සුදනෝ වෙන්න
මේ වගේ කාලකන්නින් ගම්වලට වද්දගන්න එපා.හොඳ වෙලාවට මේ කතාව පුත්තලමේ ගිහින් කිවුවේ
කප්පම් කාරයක් කියල අච්චු ගහපු මිනිහ ජ වී පෙ ට අභියෝග කරනවා.
අවිහින්සාවාදියා.... මේ බබෙක් .....කප්පම් අරගෙන අහුවෙලා දැන් ඇපපිට ඉන්නේ.නොදෝමකින් විතරක් ..ගම්පහ ගෑනු කීදෙනෙක් තමුසේ අනාත කරලා තියෙනවාද ,මොන තරම් මංකොල්ලකෑම් කරලා තියෙනවාද , මිනුවන්ගොඩ පෙට්‍රල්ෂෙඩ් එක කොල්ලකාවේ තමුන් නොවේද ? තව දෙන්නම් චන්දෙ පටන්ගත්තාම.
මැතිවරණ ප්‍රතිඵල , ආණ්ඩුව දිනුවොත් තව තවත් උද්දච්ච, ලෙස ජන පීඩනය වැඩි වේ. විපක්ෂය බේද කරවයි. විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ පැත්තට යති.රට බංකොලොත් වෙයි,බෙදී යයි. විපක්ෂය දිනුවොත් , මහ මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණ කරණ් අතර නොලැබුණු විට අරගල. වීදි සටන් අරබයි.ආණ්ඩුව මර්දනය අරබයි. 88/89 අවිචාරවත් යුගය නැවත උදාවෙයි.
අපිත් කියන්නේ ඇවිත් චන්දෙ ඉල්ලලා වෙනස තේරුම් ගන්න කියලා තමයි
කප්පම් ඉල්ලු නිසා
පලඩෝ කප්පමා යන්ඩ. උබ මිනිස්සුන්ට තග දාල බයකරල කප්පං ගත්ත කියල ඔප්පු උණ පාතාල මැරයෙක්. සරිනං උබ දැනුත් ඉන්ඩ ඕනි හිරේ. නූගත් වසලය.
හිරේ ඉන්න ඕන එකා අහිංසකයා නම් ක්ප්පම්කාරයා අපි ද???
ප්‍රසන්න කාවද රවට්ටන්න සහ නොමග යවන්න හදන්නේ?
පක්ෂය පිරිසිදුයි කියන තඩි ඌරෝ.උඹට කප්පම් ප්‍රසන්න කියන්නේ ඇයි.ඇයි බං මෙච්චර මිනිස්සු අන්දන්නෙ.කප්පම් චෝදනාවට අධිකරණය ඉස්සරහ වැරදිකාරයෙක් වෙච්ච උඹට අයිතියක් තියෙනවා ද අනිත් පක්ෂවල හොඳ නරක හොයන්න.
අවිහින්සාවාදී පක්ෂයක්?? කප්පම් ගත්තෙ අහින්සක කම දරා ගනන් බැරුවද? ඉඩම් මංකොල්ල කන්නෙ හුරතලෙටද? මරණ දණ්ඩනය නියම වෙච්ච උන්ව හොර පාරෙන් නිදහස් කරල ඇමතිකම් දෙන්නෙ අවිහින්සාවාදයෙ උපරිම මට්ටමෙදිද? මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයො අත් අඩංගුවට ගන්න එනකොට ගිහින් බදාගෙන අල්ලන්න නොදී බෙර ගන්නෙ අවිහිංසාවාදය රෙද්ද පල්ලෙන් පෙරෙනකොට ද?