
(සුජිත් හේවාජුලිගේ)
මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කළහ.
මේ අනුව මෙම කාරණය පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තු වෙති.
ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැතිවීම ලොකු ගැටළුවක් බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
පාර්ලිමේන්තුවේ එකම වාහනයක් හෝ නැති නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම සිටින බවද මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා වාහනයක් මිලදී ගැනීමට හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් කාලයක් තිස්සේ ලැබිණ. එහෙත් රටේ පවතින ආර්ථික තත්වය මත එම වාහන බලපත්‍රය නිකුත් කිරීම මීට වසර නවයකට පමණ පෙර සිට නතර කෙරිණ. අවසන් වරට බලපත්‍රය නිකුත්කර ඇත්තේ 2015 වර්ෂයේදීය.
මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදෙන්නැයි පසුගිය කාලය පුරා වරින් වර ඉල්ලීම් කළද රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රජය ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත්තේය.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඉල්ලීම් කතා කෙරෙන පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවද මාස ගණනාවකින්ම රැස්වී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැයකරමින් බවත්, බොහෝ අය මෙම වියදම් වූ මුදල ආවරණය කර ගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ.
වාහන බලපත්‍රය නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයාගැනීම දුෂ්කරවී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වාදෙති.
ඡන්දෙට කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙකු දැනටමත් ප්‍රකාශ කර ඇත.
රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන්කිරීම මුදල් අමාත්‍යංශය තාවකාලික අත්හිටුවා ඇත.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයට නිතර පැමිණ වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කරන බවද ඔහු සඳහන් කළේය
මේ අතර, අධික ඉන්ධන මිල හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහ විවිධ උත්සවවලට සහභාගීවීමද සීමාකර ඇතැයි වාර්තා වේ.
COMMENTS
හිඟන්නෝ........
ඒ අය කවුද කියලා නම් ටික හොයන්න දාන්න
අපි මහන්සියෙන් හම්බකරලා එවන සල්ලිවලින් මුන්ට වාහන ගෙන්වන්න ඉඩ දුන්නොත් මෙරටට ඩොලර්යක් එවන්නේ නැත.
උඹලා ඡන්දෙට ඉදිරිපත් නොවුණාට අපිට කමක් නැත උඹලා ගමන් බිමන් සීමාකර උත්සව වලට නොපැමිණියාටද අපිට කමක් නැත.
ඔය 225 ම ඉල්ලන්නේ නැත්නම් තමයි වඩා හොඳ...!
මන්ත්‍රින්ගේ උත්සව වලට සහභාගි වෙන්න වාහනයක් ඕනෙමද? යන්න පයින්, බයිසිකලයෙන්... මහජන නියෝජිතයින් නම් මහජනයින් විඳින දුක් ඔබලාත් විඳවපල්ලා. ඔබලාට ඉස්සෙල්ලා ඒ අය ගැන බලන්න. ඔවුන් තමයි ඔබලාව පත්කරලා යැව්වේ... ඔබලාට සැප විඳින්න, ඔවුන් දුක් විඳින්න... යසයි නේද? විපක්ෂයේ ඉන්නේම මොලේ අඩු අය තමයි.
වාහන ඉල්ලන අයගේ ලිස්ට් එක දන්නකො. ඡන්දෙ දී සළකා බලන්න.
මුන්ගේ ඡන්දේ ව්‍යාපාරය කරන්නත් සහන මිලට වාහන ඕනෑද?. මුන්ගේ එකම අරමුණ බදු සහන ගැන එකයි දේශපාලනය කරන එක
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වාලු ... දිපල්ලාකෝ මුන්ට ඡන්දේ. ආර්ථිකය දානි පානි ගානවාය කියලා කියන්නෙත් ඒ ගොල්ලෝම හැබැයි වී 8 බර උහුලන්නේ?
මිනිසසු කන්න නැතිව මැරෙනවා. මුන්ට වාහන පර්මිට්.
මුන් හදන්නේ මහජන බදු මුදලින් චන්ද කරන්න. පර්මිට නැතුව චන්ද කරන්න බැරිනම් ගෙදර පල මිනිස්සුන්ට පව් දෙන්නේ නැතුව
මේ ඉල්ලන්නේ ආපහු පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැහැ කියල දැනගෙන , චන්දෙට වැඩ කරන්න වහනයක් නැත්නම් අදාර කරුවෙක් වහනයක් හොයල දෙනවනේ
මුන් රටට කරන දෙයක් නැති නිසා අපේ පඩියට බදු ගෙවනවා නම් ඇයි අපේ බද්දෙන් උන්ට සැප විඳින්න දෙන්නේ
හරිම කනගාටුදායක පුවතක් .පව් අසරණ මන්ත්‍රීවරු .ජනතා සේවයට කොච්චර ආශාවෙන් ,කැපවීමෙන් හිටියත් කරන්න විදිහක් නෑ නේ .වාහනයක් නැති නිසා
මටත් පර්මිට් එකක් ඕනේ ත්‍රී වීල් එකක් ගන්න. නැත්නම් චන්දෙ දාන්න එන්න විදියක් නෑ .
අනේ මොන ප්‍රශ්න තිබ්බත් කොහොමහරි වාහන ටික දෙන්න
මේක අන්තිම අසාධාරණ ක්‍රියාවක්. අපෙන් බදු අය කරලා මන්ත්‍රි වරුන්ට දෙනවා ඒක විකුණා ගෙන කන්න. ලංකාව නම් අන්තිම අසාධාරණ රටක්.මේ ඉල්ලීමට ඉඩ දුන්නොත් ලංකාවේ ඉන්නේ ජනතාවක් නෙවෙයි බූරු රැළක්. මගේ අදහස ඔය වාහන බලපත්රය ඉල්ලන්නේ මන්ත්‍රී වරුන්ට විකුණා ගන්නනේ, නරකද ඔය බදු මුදල රුපියල් වලින් ඔය මන්ත්‍රී වරුන්ට බෙදා දුන්නා නම්. එයින් එක් හොදක් සිදු වෙනවා පිටරට වල අපාදුක් විදලා ලංකාවට ඩොලර් එවන මිනිසුන් ගේ ඩොලර් ටික රටේ ඉතිරි වෙනවා. නැත්නම් ඉතින් තව ඩොලර් කෝටි ගණනක මුදලක් පිට රටට යනවානේ ඔය වාහන ටික ආනයනය කිරීමටත්. දැන් බලමු ඔය යෝජනාවට විරුද්ධව විරුද්ධ පක්ෂය එක වචනයක් කතා කරයිද කියලා?
මේ කාලකන්නි කාටද සේවය කරන්නේ කියලා දැන් හොඳටම පැහැදිලියි
මුන් දන්නව මේ පාර ගෙදර කියල. ඊට කලින් ගන්න දෙයක් ගන්න බලන්නෙ.
රටේ හැබැයි අනිත් ප්‍රශ්න නම් දන්නේ නෑ .හැබැයි මේ ප්‍රශ්නය නම් ළඟදීම විසඳනවා කියලා හොඳටම විශ්වාසයි
ජනතාවට සේවය කරන්න කියලා ඇවිල්ලා, කොමිස් ගහන එකයි, බිස්නස් කරන එකයි අපරාධවලට හවුල් වෙන එකයි ඇරෙන්න කල වෙන සේවයක් නැහැ, දැන් වෙලා තියෙන්නේ ඊලග චන්දයෙන් ආසනයක් දිනන්න බැරි බව දන්න නිසා හො දිනුවත් ආණ්ඩුවක් පිහිටුවන්න බැරිබව දන්න නිසා වාහන බලපත්‍රය අරගෙන ඒක විකුණලා ගානක් හොයා ගන්න බලනවා ඇති.
මොන බලපත්‍රයක් වත් දෙන්න එපා. කැමති නම් චන්දේ ඉල්ලන කියන්න නැත්නම් ගෙදර ඉන්න කියන්න .ලෙස්ලි හර්බට් විජේසිංහ
රටට ජනතාවට කෙලවලා තව වාහන පර්මිට් ඉල්ලන පාර්ලිමේන්තු ගෙවලයන්ගෙ නම් ලැයිස්තුව ජනතාවට ලබාදෙන්න. අපි මේ කාලකන්නින්ට නියම පර්මිට් එක දෙන්නම්.
වසර 76 කට ආසන්න කාලයක් මේ රට මාරුවෙන් මාරුවට පාලනය කිරීමට කටයුතු කල මහජන නියෝජිතයින් හට රට ගැන රටේ ජනතාව ගැන කිසිදු හැඟීමක් කැක්කුමක් නැති කලදුටු කල වලඉහගන්නා පටු ආත්මාර්ථකාමී පිරිසක් බව අදවනවිට මහජනතාව හොදින්ම තේරුම්ගෙන ඇත.මොවුන් මේ සා විශාල කාලයක් තම පටු දේශපාලන අරමුණු මුදුම් පමුනුවා ගැනීමට දිළින්දන්ට සහන පැකේජ තමන්ට ආධාර කරන ඉහල වයාපාරිකයන්ට තමන්ට සහ තම හිතවතුන්ට බාර් පරම්ට් ලාභ කොන්ත්‍රාත් ,ඉඩකඩං., රැකියා යනාදිය මගින් ඡන්ද අල්ලස් දුන්නා මිස රටට අවංකව රටගැන කැක්කුමකින් කල දෙයක් නැත. තම මඩිය තරකරගැනීමට විවිධ වරප්‍රසාද වරදාන සැප පහසුකම් වාහන නිලනිවාස ඇතුළු ජනතාවට රටට දැරියනොහැකි නාස්තිකාර වියදම් දරමින් මොවුන් මේ රට බංකොලොත් කර නැත්තට නැති කර ඇත.දැං මැතිවරණයක් ලංවෙමින් ඇති අතර මේ දූෂිත වංචාකාරී දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ජනතාව ඇගිලි ගනිමින් ඇත.
"ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැතිවීම ලොකු ගැටළුවක් බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත" මේවා අහලා තව මුන්ට චන්දෙත් දීපල්ලකෝ
ඔය බහුතරය ඊළඟට එන පාර්ලිමේන්තුවේ නෑ. පර්මිට් මොනව කරන්නද අපතයින්ට.බෙහෙත් හොරු මිනීමරුවෝ බේරන්න අත උස්සන කම්බ හොරුන්ට මොනවටද රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි පිනට දෙන්නේ.
කරුණාකරලා, ඔය ඉල්ලිම කරන සෙට් එකේ නම් ලැයිස්තුවයි, දැන් පාවිච්චි කරන වාහන වර්ගයයි, ඒ වාහන වල නිශ්පාදිත වර්ශය, එයාලට එව්ව දුන්න දින වකවානු එලිකරනවද.. නිකන් භාග ප්‍රවෘත්ති නොදා.. ඊට පස්සෙ මිනිස්සු එයාලගෙ රථ ගායට උත්තර දෙන්නෙ නැතෑ.. බදු ගෙවන සාමාන්‍ය මිනිස්සුන්ට යන්ඩ වාහනයක් ගන්ඩ බෑ.. යන්ඩ හොඳ ප්‍රමිතියේ පොදු ප්‍රවාහනයක් නෑ.. තියෙන පාරක යන්ඩ බෑ, හෙල්ලිලාම බඩවල් කොර වෙනව.. හැබැයි පාර්ලිමේන්තු සෙට් එකට සැප වාහන ඕනෙ.. පස්සට බැහැපු මොළේ තැලෙයි කියල වෙන්ඩ ඇති.. මුන්ගෙන් අපට ගැලවීමක් නැති හැටි..
".. මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැයකරමින් බවත්, බොහෝ අය මෙම වියදම් වූ මුදල ආවරණය කර ගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ.. " අනේ පව් අසරණයො... වාහනේ අරන් Uber හෝ PickMe වගේ එකකට දාගෙන දුවනව ඇති.. කාලකන්නි ඒක විකුණනව කියන එකනෙ මේ කියන්නෙ.. අපි හෙන මොඩයො.. කඩදාසි කොලේක පැන්සලෙන් අඳින කතිරෙක තියෙන බලේ අපිට තාම තේරිලා නෑ..
අනිවාර්යයෙන් තව මාස 6 තුල ජනාධිපතිවරණෙ තිබෙනවා එහෙම වුනොත් අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සරවෙලා මහා මැතිවරණෙ තිබෙනවා , ඔය ටික කාලෙට වාහන පර්මිට් අවශ්‍ය නැහැ , වාහන පෙර්මිට් දීමේ අරමුණ හම්බකිරීම නොවේ එම වාහන උපයෝගී කරගෙන ගමන් පහසුව සලසා ගෙන ජනතා සේවයේ දීමට මිසක් එක විකුණා මුදල්හම්බකිරීම වැරදි දෙයකි , මේ පාර්ලිමේන්තුවේ සිටින පුද්ගලයන්ගෙන් 90% ලබන සැරේ පාර්ලිමේන්තු එන්න බහ දේශපාලනෙන් විශ්‍රාම යන්න සිද්ධ වෙනවා , මේ වාහන පර්මිට් දුන්නොත් අපි පාරට බහිමු , ගන්න මිනිස්සුන්ගේ පක්ෂේ කුමක් වුනත් මනාපේ නොදී ඉමු දෙනවා නම් පර්මිට් එක මන්ත්රිලට පමණක් දෙන්න බැහැ පර්මිට් වලට හිමිකම් තිබෙන අනෙකුත් රජ්‍යසේවකයන් සියල්ලටම දෙන්න කියල ඔවුන්ගේ වුර්තියසමිති උද්ගෝෂණය කලොත් , අධිකරණයට ගියොත් රජයට සිද්ධ වෙන්නව , දොස්තරලා නම් අනිවාර්යයෙන් වැඩ වර්ජන කරනවා , රටේ දැනට තිබෙන ආර්ථික තත්වය මත පර්මිට් දෙන්න බැහැ . පර්මිට් ලැබිල එකවර හැමෝම මාසයක් දෙකක තුල වාහන ඇනවුම් කලොත් ඩොලර් බිලියන 20 පමණ අවශ්‍ය වේවි මේවා ගෙන්වන්න කරුණාකර මේ අනවශ්‍ය යෝජනාව මෙතනින් නවත්වල දමන්න , වාහන නැති මන්ත්රිලට ඉදිරි මස 6 තුල රෙන්ට් එකට වහනයක් අරන් දුවන්න කියන්න බිල රජයෙන් ගෙවන්න .
අපි නම් දන්නෙත් නෑ. මොකක්ද කරපු / කරන සේවාව කියලා? ඊට ඉස්සෙල්ල ඒක කියමු. අපි දන්නෙ උබලා රටම හූරාකාලා ගිනිත් තිබ්බා කියලා. අපි නම් ප්‍රාර්ථනා කර්න්නේ හොරා කාපුවා පලිසං දිල උබලා මහාපාරෙ හිගාකපල්ලා මහ උලු ගෙදර ලැගපල්ලා පවුල් පිටින්...
කොහොම හරි දෙන්න මෙයාලට
මෙහෙමත් සක්කිලි
වාහන බලපත්‍රය කියන්නෙ මේ ලිපියේ ආකාරයට නම් ජනතා මුදල් කියන්න පුළුවන්. ඉතින් එකඑකා මැතිවරණය සදහා ඉදිරිපත් වෙන්නෙ ජනතා සේවය සදහා නොවෙයි. පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා කියලා පේනවා. අපිට ඔය එකෙක්වත් පාර්ලිමේන්තුවට යවන්න අවශ්‍ය නැහැ. උන්ට මංත්‍රී වෙන්න අපේ මුදල් දීම අනුමත කරන්න බැහැ .ඔය වාහන බලපත්‍ර දීමේ ක්‍රමය වහාම අවලංගු කරන්න ඕන. ජනතාවට තියෙන ගමනාගමන අපහසුතාව තේරුම් ගන්න බැරිවීමටත් ඔය වාහන බලපත්‍ර හේතුවක් වෙනවා. තවත් එකක් ඔය බලපත්‍රය ගන්නෙ පාවිච්චියට නොවෙයි විකුණාගෙන කන්නනේ .රටේ සංවර්ධනය වෙනුවෙන් විදේශ විනිමය උපයන අයට පමණක් වාහන බලපත්‍ර දීමට කටයුතු කරන්න කියලා ඉල්ලන්න කැමතියි
චන්ද දායකයින්ට හොඳම උදාහරණ මේවා , අපේ ආර්ථික ගැටළු ඔවුන්ට අදාළ නෑ. අර ආයතනය පාඩුයි මේ ආයතනය පාඩුයි කිය කියා ජලය, විදුලිය, ඉන්ධන හා ආහාර පාන වල මිල 300 % ත් 400% අතර වැඩි කරනවා .පාඩු ලබන සෑම අවස්ථාවකම අපෙන් ඒවා පියවා ගෙන සියළුම වරප්‍රසාද ඔවුන් භුක්ති විඳිනවා. සමහර රජයේ ආයතන ඔවුන්ට අවශ්‍ය ලෙස ඉතා ඉහල පඩි වැඩි කරගන්නවා. ඒ නිසා හොඳින් සිතාබලා චන්දය දෙන්න
ඇයි මේ අවසර පත්‍රය දෙන්නේ නැත්තේ? දැන් ලංකාවේ තියෙන වැදගත්ම ප්‍රශ්නය ඒක බව දන්නේ නැද්ද? දරුවන්ට කෑම සොයා ගැනීමට නොහැකිව සියදිවි නසා ගන්නා අයව බලාගන්නේ කවුද?
මහජනයා ප්‍රතික්ෂේප කර ඇති මේ අය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න එපා. මේ බොහෝ අය තව පෝය කීපයකින් ගෙදර හෝ සිපිරි ගෙදරට යාමට නියමිතයි.
ඡන්දෙට කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙකු දැනටමත් ප්‍රකාශ කර ඇත. - මේ අයට ඉදිරිපත් නොවෙන්න කියලා නාම යෝජනා නොදී වාහන පර්මිට් තවදුරටත් නොදිය යුතුය
මහජන මන්ත්‍රී ධූරය වරප්‍රසාද ලැබෙන ආකර්ශණීය බවින් ඉහළ තණතුරක් වීමම අපේ රට අගාධයට හෙලා ඇති බවත් මහජන මන්ත්‍රීවරුන් නීතිය ගණන් ගන්නේ නැති බවත් ,රට ගැන හැඟීමක් කැක්කුමක් නැති බවත් .උන් හා උන්ට සහය දක්වන්නන් පමණක් දියුණු උනොත් ඇත යන සංකල්පය උන් තුළ ඇති බවත් යන්න බහුතර පොදු ජන අදහස වී ඇත. මේ නිසා ඉදිරි වසර 10 ක් වත් මේ රට නිවැරදි ලෙස සංවර්ධන මාවතේ ගොස් ප්‍රථිලාභ ජනතාවට ලැබෙන තෙක් මේ වරප්‍රසාද අත්හිටවිය යුතුය. එතකොට සැබෑවටම රටට ආදරේ ඇති උන් දේශපාලනයට එනු ඇත. උන් රටට වැඩක් කරනු ඇත. එදා සිංගපූරුව ගොඩනැගීමේදී තම වැටුප වරප්‍රසාද කැපකරමින් දූෂණය වංචාව තුරන් කරමින් නීතිය හා නීතියේ බලය සාධාරණව සංවර්ධධන ක්‍රියාවලියට බද්ධ කරමින් සංවර්ධිත දේශයක් ලෙස සිංගප්පූරුව ගොඩනැගූ ලීක්වාන්යූ නැමති ශ්‍රේෂ්ඨ නායකයා පලකල ආදර්ශය ගෙන ආ යුතුය.
මේ ක්‍රමය සම්පුරන්යෙන්ම නැවැත්විය යුතුයි .රාජකාරි ගමන් වලට රජයේ වාහන සංචිතයෙන් වාහන නිකුත් කරන්න
යම් හෙයකින් තීරු බදු රහිත වාහන බලපත්‍ර දුන්නොත් ඒවා ලබාගන්න එකෙකුට වත් චන්දය හෝ මනාපය දෙන්න එපා. රටේ මහජනයා විඳින දුක නොදන්නා පාපතරයින්.
ඉතින් මේක වෙනස් කරන්න පුළුවන් එන්පීපී එකට විතරයි
අවු 76ක් රට කාල බදු ගෙවන්නන්ගේ
ළමයින්ට දෙන කිරි පිටි ටික නවත්තලා ඔන්න ඕක දීලා දාපන් රනිල් මල්ලියේ ආයේ කවදා ඕවා ගන්නද එයාලා.
අවු 76ක් රට කාබාසිනියා කරල බදු ගෙවන්නන්ගේ මුදලින් රජ සැප විදල හොර හැතිකරය මිනිසුන්ගේ රීරිමාංශ කාල රට හිගමනට පත්කරල උගතුන් බුද්ධිමතුන්ටෙ රට එපා කරල අවසානවරටත් කාල යන්න හදනො..කෙසේ හෝ මෙය වැළැක්විය යුතුය.
මුන්ට වැහි නැති හෙණ ගහන්න ඕනි
කෙනෙක් නැතිව ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් මන්ත්‍රීවරුන්ගේ මෙම බදු රහිත වාහන ආනයනය සදහටම නවත්වන්න නියෝගයක් ලබාගැනීමට?
මුංගේ පෙන්ෂන් එකත් ළගදීම නැති වෙන්නයි යන්නේ මාලිමාව ආවොත්….. මරු….
රටේ තියන තත්වය උඩ කිසිම මන්ත්‍රී කෙනෙකුට පර්මිට් එක නොදිය යුතුයි
ඔය හොර හැත්තට රනිලා පර්මිට් දෙනවා. ඌත් හොරානෙ. ඔය හොර හැත්ත මකාබෑවිලාම යන්න ඕනි.
නෙදකින්
මාර වැඩේ වෙන්නේ මෙයාලා චන්දේ ඉල්ලුවේ නැත්නම් ජනතාවට වෙන්නේ. ඒ ගැන හිතලා, ජනතාවට ඕනේ කුදයක් ගහගන්න කියලා ඔන්න ඕක දීලා දාන්න. බදු ගෙවන උන්ට කෙලවෙලාම ගියාවේ.නැද්ද මං අහන්නේ ආයිබෝං?
පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට පමණක් මැතිවරණ කටයුතු වලට තීරු බදු රහිත වාහන ලබාදීම අනිකුත් අපේක්ෂකයන්ට කරන අසාධාරණයකි
දූෂිත දේසපාලුවෝ හොරාකාලා ,ගසාකාලා හම්බකරගත්තුවා ඕනතරම් ඇතිනේ .තමන්ට කියලා .වාහනයක් ගන්ඩ මොකෝ බැරි?
රටම කියන්නේ මුන්දැලා 225 ම එපා කියලනේ... මුන්දැලා කියන්නේ වාහන බලපත්‍ර නැත්නම් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා... එහෙම නම් ජනතාව එපා කියන පිරිසක් ආවා කියලා කිසිම වැඩක් නැහැ... ඊළඟට අලුත්ම කට්ටියක් ආවොත් තවත් 225 කට බලපත්‍ර දෙන්න වෙනවා... එනිසා දැන් සිටින අයට දෙන්න අවශ්‍යම නැහැ. ඉදිරිපත් වීම අපිට වැදගත් කමකුත් නැහැ. අවශ්‍ය නම් මහාමැතිවරණය අවසන් වුනාම CC දාහකට ආසන්න වාහනයක් සඳහා බලපත්‍ර දුන්නාම ඇති (මෙතෙක් කලක් වුනේ පාර්ලිමේන්තුවේ නිදාගෙන සිට රට අගාධයකට යද්දී නිහඬව සිටියා මුදල් සොච්චමක් ඉතිරිව තිබුනා නම් ඒකෙන් වාහන බලපත්‍ර ගත්තා. ඒ ක්‍රමය තවත් ඉදිරියට ගෙන යාම අවශ්‍ය නැහැ)