(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධිකරණයට බලපෑම් කරන්නේ පාලිමේන්තුව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පැක්ටරියක් වගේ පනත් ගෙනාවාට වැඩක් නැතැයි කී කිරිඇල්ල මහතා වැදගත්කම පනත් ගෙන ඒම නොව ඒ පනත් දෙස බලා අධිකරණයට ස්වාධීන විනිශ්චයක් දෙන්න අවස්ථාව තිබෙනවා ද යන කාරණය බවද සඳහන් කළේය.
ඡන්ද තියන්න කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් නමුත් ආණ්ඩුව සල්ලි දුන්නෙ නැතැයි කී මන්ත්‍රීවරයා එලෙස කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දියාරු කරන්න නොවේදැයි ප්‍රශ්න කළේය.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් විනිශ්චයකාරවරු බය කරන්නට ඔවුන් වරප්‍රසාද කමිටුවට ගෙන්වූ බවද කිරිඇල්ල මහතා කීය.
COMMENTS
ඇයි මැතිතුමා මහින්ද මහත්තෙයා ජනාධිපති කාලයේ ඉන්ධන සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා ඒකට මොකද කලේ .එහෙම පූර්වාදර්ශයක් තියෙන නිසා තමයි නැවත නැවතත් ඔහොම දේවල් වෙන්නෙ කියලා හිතෙනවා ඔබතුමාලට ඔහොම දේවල් වැලැක්වීම සදහා කිසියම් සාර්ථක වැඩපිළිවෙළක් කරන්න බැරිද