IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’කොරෝනා වසංගතයෙන් දියුණු රටවල් වැටෙද්දී අපි නැගිට්ටේ සෞඛ්‍ය අංශයේ සහයෝගයෙන්’

(අනීෂා මානගේ)

කොරෝනා වසංගතයේදී ලෝකයේ දියුණුයි කියන රටවල් වැටෙද්දී අපේ කුඩා රට ඉහළට ඔසවන්න පුළුවන් වුණේ සෞඛ්‍ය සේවයේ සියලු දෙනාගේ සහයෝගය නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

තංගල්ල මූලික රෝහලේ “සෞභාග්‍යා සුව අරණ” වාට්ටුව සහ හෘද රෝග දැඩි සත්කාර ඒකකය අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත්කිරීම අද(6) සිදුකෙරිණි.

රුහුණු කරළිය සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් ලක්ෂ 460ක වියදමින් මෙම ගොඩනැගිලි ඉදිකර තිබිණ.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

අපේ සෞඛ්‍ය සේවය ලෝකයා ඉදිරියේ ආඩම්බරයෙන් නැඟී සිටින්න පුළුවන් සෞඛ්‍ය සේවයක්. පසුගිය කොරෝනා වසංගත අවස්ථාවේදී දියුණුයි කියන රටවල් වැටෙද්දී අපේ වගේ කුඩා රටක් ඉහළට ඔසවන්න පුළුවන් වුණේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලු දෙනාගේ සහයෝගය නිසායි. ඔවුන්ගේ හැකියාව නිසායි. සමහර රටවල දහස පැනලා අදටත් මරණ වාර්තා වෙනවා. එහෙම අවස්ථාවක මෙය අපේ සෞඛ්‍ය සේවයේ වැදගත්කම තව තවත් ලෝකයට පෙන්වන්න පුළුවන් අවස්ථාවක් වී තිබෙනවා. ගමටම යන සෞඛ්‍ය සේවයක් ඉතුරු වී තිබෙන්නේ මම හිතන්නේ ලංකාවේ පමණයි. හැම ගමකම හැම කෙනෙකුටම ඉක්මනින් සම්බන්ධ වෙන්න පුළුවන් සෞඛ්‍ය සේවයක් තිබෙනවා. අපිට අපේ සෞඛ්‍ය සේවය පිළිබදව ආඩම්බර වෙන්න පුළුවන්. අපි ස්තූතිවන්ත වෙනවා සියලුම වෛද්‍ය සේවයටම. ඉහළ සිට පහළට සියලුම දෙනාව අපි අගයනවා යැයිද කීවේය.



අදහස් (0)

’කොරෝනා වසංගතයෙන් දියුණු රටවල් වැටෙද්දී අපි නැගිට්ටේ සෞඛ්‍ය අංශයේ සහයෝගයෙන්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 44 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site