(විමුක්ති එස් රුද්‍රිගු)
රටේ ආර්ථික අර්බුදය,යහපත් වීමට පෙර නරක අතට හැරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේය.
එහිදි අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.
ශ්‍රී ලංකාව ඉන්ධන හිඟයකට මුහුණ පා ඇති අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇතැම් ශ්‍රී ලාංකිකයන් කෑම වේලවල් මඟ හැරීමට පෙළඹීලා. නමුත් ඉදිරියේදී කිසිම පවුලක් බඩගින්නේ නොතබන්නට කටයුතු කරනවා.
සෑම පවුලකටම දිනකට ආහාර වේල් තුනම ලබා ගත හැකි තත්ත්වයක් ඇති කරන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
රාජපක්ෂ රජයේ තිබූ ප්‍රතිපත්ති සියල්ල වෙනස් කරන බවත් ජාත්‍යන්තර ප්‍රජාව අමතමින් අවුරුද්දක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවට සහාය අවශ්‍ය බවත් ලබා දෙන සියල්ල ආපසු ගෙවන බවත් පැවසුවේය.
සියලු දේ යථා තත්ත්වයට පත් කරන බවත් එතෙක් ඉවසීමෙන් සිටින ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
ගන්න ලේසියි... ගෙවන්න තමයි ක්‍රමයක් නැත්තේ... අවුරුදු 72 ක් ගත්තු ණය ගෙව්වේ නැතිව හොරාකාපු නිසා මෙහෙම වුණා.
රජයේ සේවක පින් පඩි කාරයින් 50%ක් ගෙදර යවන්න. රටට සෙතක් වෙයි...!
හා... හා... මේ මොන විකාරද? තරුණ අපි තරම් මේ නාකි දන්නවද? අපිට වඩා මේ ගොල්ලෝ දන්නේ කොහොමද? මේ ගොල්ලන් ලේ සැලෙන විප්ලව කළාද?
අපේ මේ පුංචි රටට විශාල බරක් 225 ක් නඩත්තු කරන එක 25 ක් කරන්න නැත්නම් නොමිලේ ලබා දෙන ආහාරපාන, ඉන්ධන, දුරකථන දීමනා යන සියලුම වියදම් වරප්‍රසාද, දීමනා කපා හරින්න... මෙහෙම ඉන්ධන නොමිලේ දෙන කොට තෙල් සංස්ථාව පාඩු ලබන්නේ නැතිව තියෙයිද? සාමාන්‍ය ජනතාවට අවශ්‍ය පහසුකම් තමන්ගේ වැටුපෙන් ආදායමෙන් කරගන්න පුළුවන් නම් ඇයි මන්ත්‍රීවරුන්ට තමන්ගේ වැටුපෙන්, ආදායමෙන් කරගන්න බැරි? අපේ මේ රට අගාධයෙන් ගොඩගන්න නම් මේ දේවල් මැති ඇමතිවරුන් මේ දේවල් කැප කළ යුතුයි නේද? ජනතාව පමණක් පටි තද කරගෙන විතරක් ඇතිද?
අපේ මේ පුංචි රටට විශාල බරක්... 225ක් නඩත්තු කරන එක 25ක් කරන්න.. නැත්නම් නොමිලේ ලබාදෙන ආහාරපාන, ඉන්ධන, දුරකථන දීමනා යන සියලුම දීමනා වරප්‍රසාද අහෝසි කරන්න. ඉන්ධන සඳහා ලැබෙන කූපන්පත්, නිවාස කුලිය.... මේ දීමනා 2ට අමතරව තව කොච්චර දීමනාවල් තියෙනවද? මෙහෙම ඉන්ධන නොමිලේ දෙනවිට තෙල් සංස්ථාව පාඩු ලබන්නේ නැතිව තියෙයිද? මේ ගැන අනිවාර්යයෙන්ම බලන්න අපේ අගමැතිතුමාට ජයවේවා...!
එදා වේල ටුවර්ස් වගේ ණය ගන්නේ නැතුව මෙහෙම වෙලාවකට සහාය ඉල්ලන එක හොඳයි වගේ. නැත්නම් හැමදාම හිඟන්නෝ වගේ... එකක් ඉවරවෙනකොට තව එකක්...
ඔබ හරි කෙනෙක් නම්, ඉස්සෙල්ලාම රාජපක්ෂලා ඇතුළු හොරුන්ව හිරේ යවන්න. හොරුන්ට අනුබල දුන්නා නම් ඔබත් අපට එපා...
වැටී සිටින වලෙන් ගොඩඒම පළමුව කළ යුතුයි. පරිණත දේශපාලනඥයකුගේ කටයුතුවලට ඉඩදී මදක් ඉවසා සිටීම සුදුසුය...
තත්වය තව නරක අතට හැරෙන බව නම් විශ්වාසයි. නමුත් යහපත් වෙන එකක් නැහැ.
ඇමැතිලට සහ නියෝජ්‍ය ඇමැතිලට දීලා තිබෙන වී8 වැනි වාහන අප්‍රිකාවේ රටකට විකුණන්න... හොඳ ආදායමක් ලැබේවි..