IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘වැරදිකරුවන්ට උසස්විම් ලැබුණේ කෙසේද?‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති කොමිෂන් සභාව වැරදිකරුවන් කළ ඇතැම් නිලධාරීන්ට උසස්වීම් ලැබුණෙ කොහොමද. මේ බෝම්බෙ පිපිරිලා ඉවර නැ. රට පුරාම බෝම්බ පුපුර පුපුර ඇත්ත එළිවෙමින් තියෙනවා. එදා ඒ අහිංසකයන් මරන්න පුපුරුවපු බෝම්බෙ අද බෝම්බෙ තියපු අය පුපුරවමින් තියනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව අවසන් වාර්තාවෙන් පොලීසියේ සහ බුද්ධි අංශවල අහිංසක නිලධාරීන් බිල්ලට දී තමන් ඇඟ බේරා ගැනීමට වගකීම් විරහිත ලෙස ක්‍රියාකළ  ආකාරය නිරීක්ෂණය කර එම නිලධාරීන්ට එරෙහිව නඩු මාර්ගයෙන් ක්‍රියා කළ යුතු බව නීතිපති වරයාට නිර්දේශ කර තියෙනවා.

නමුත් මේ වනතුරු එසේ නොකරන්නේ ඇයි. ජනාධිපති කොමිෂන් සභාව අවසන් වාර්තාවෙන් සමහර නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බව සඳහන් වී තිබුණත් අඩු තරමේ පොලිස්පති විනය පරීක්ෂණයක් වත් කළාද.

පාස්කු ප්‍රහාරයට දින 1000 පිරීම නිමිත්තෙන් බැසිලිකා දේවස්ථානයේ පැවැති විශේෂ යාඥාවක් මැල්කම් කාදිනල් රංජිති තුමෝ මේ බව පැවැසූහ.

මෙම අවස්ථාවට මුළු දිවයිනම ආවරණය වන පරිදි රදගුරු තුමන් ලා සහ කන්‍ය සොහොයුරියන් මෙන්ම දිවයිනේ සෑම දෙසින්ම බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ .

 



අදහස් (6)

‘‘වැරදිකරුවන්ට උසස්විම් ලැබුණේ කෙසේද?‘‘

බද්රානි Friday, 14 January 2022 08:35 PM

උසස් නිලධාරීන්ට උසස් වීම් ලැබුනේ ඒ උන්ගේ එවුන් නිසානේ? බලාගෙන, උන් තව තව බෝම්බ තියයි. එහෙම උන්ම බෝම්බ අටවලා අන්තිමට කියයි පල්ලියේ පියතුමා රජය අපහසුතාවයට පත්කිරීමට බෝම්බයක් තියා ගත්තා කියලා. උන් ඒ තරමටම තිරිසන්නු. කාදිනල් තුමාටත් හොඳ කෝට් එකක් අන්දලානේ තිබුනේ නේද? දැන් මෙතන නාහෙන් හඬලා පලක් නැහැ. පහුගිය කාලේ පුහු දේශ ප්‍රේමේ ඉහට ගහලා, ඔබ තුමාට ඇලජික් වෙලා තිබුණු, බටහිර රටවල් ඇතුළු ජාත්‍යන්තරයෙන් උදව් ලබාගෙන කතෝලික ජනතාව ආරක්ෂා කර ගන්න.

:       1       11

Bamunuarachchi Friday, 14 January 2022 09:40 PM

පිස්සු කියවන්න එපා.. දැන් මොලේ මඤ්ඤං වෙලා වගෙයි. ඔය කොමිසම පත් කලේ දඬුවම් කරන්න නොවෙයි, කරුණු කාරණා හොයන්න. මොන උසාවියෙන්ද වැරදි කරුවන් කළේ...?

:       12       2

Demuni Uduwara Saturday, 15 January 2022 04:14 AM

සුදුසුකම් ගන්න නම් ඔබ නීතිවලට අනුව වැඩකළ යුතුයි..

:       0       3

චන්දන Saturday, 15 January 2022 06:51 AM

ඔබවහන්සේ ලංකාවේ නේද ඉන්නේ?.. වැරැදි කිරීම උසස්වීම් සඳහා සුදුසුකම බව දන්නේ නැතිවද?

:       1       10

Bamunuarachchi Saturday, 15 January 2022 08:01 AM

වැරැදිකරු කියා තීන්දු කළේ කව්ද? මොන උසාවියෙන්ද?

:       19       4

කලවානගේ Saturday, 15 January 2022 05:46 PM

එහෙනම් ලංකා පාර්ලිමේන්තුවේ දැන් සිටින අය පත්වුනේ කොහොමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site