
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවත් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මහත්මිය ඒම නඩුව සම්බන්ධයෙන් නීතිපති වරයාට චෝදනාවක් කරමින් ඒවා ඇති ලිපිය සම්බන්ධයෙන් ඇයට පෞද්ගලිකව පිළිතුරු ලිපියක් යැවීමට බලාපොරොත්තු වන බවත් අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (7) පැවසුවාය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවේදී නීතිපති පාරින්ද රණසිංහ මහතා ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගෙන ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඒ මහතාගේ දියණිය අගමැතිනී හරි නි අමරසූරිය මහත්මිය ට ඊයේ (6) ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළාය.
හරිනි අමරසූරිය මෙනවිය මෙසේද පැවසුවාය
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙන්න ඕන. ඒ්ක තමයි අපේ ස්ථාවරය. ඉදිරියටත් එහෙමයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය මතුකර ඇති කරුණු සහ ඇයගේ වේදනාව අපට හොඳින් තේරෙනවා. යුක්තිය සාධාරණය ඉටු කරන බවට අප ඇයට සහතිකයක් දෙනවා.නීතියේ නිසි ක්‍රියාදාමය අනුව කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ අයට යුක්තිය ඉටු වෙන්න ඕන. ඒක තමයි රජයේ මතය.

COMMENTS
තවත් පුස් පොරොන්දුවක් පමණක් නොවේවා.
ලසන්ත කවුද? මොනවා කරන්න ගිය නිසාද මෙහෙම වුණේ කියලා මෙයාලා දන්නවා ඇති. නමුත් දේශපාලනික නිවටකම් ඉදිරියේ අසූචිත් බුදින පක්ෂයක සාමාජිකයින් ගැන කතා කරන්න අවශ්‍ය නෑ...
ලසන්ත මිනීමැරුම පිළිබඳ විමර්ශනය බොරු කඩතුරාවක් යටතේ වාසි ලබා ගැනීමට අවස්ථාවක් නම්, ඔව්. අපි ජවිපෙ ක්‍රමයට ඒක කඩිනම් කරනවා. හේ හරිනි, මිනීමැරුම් සහ වෙනත් එවැනි සිදුවීම් දහස් ගණනක් තිබේ. ඔබේ දේශපාලන පැවැත්ම සඳහා මෙම නඩුව ඉදිරිපත් නොකර සැමට යුක්තිය ඉටු කිරීමට අධිකරණය ඉක්මන් කරන්න.
ලසන්තට යුක්තිය ඉටු කිරීම යනු ඔහුගේ දියණිය හෝ ඒ සමාජ ස්ථරයේ දෝෂදර්ශනයට ලක් වූ, වෙසෙසින්ම එල්ටීටීඊ ත්‍රස්තවාදයට බැට දුන් අයවලුන් දඩයම් කිරීම නොවන වගත් අගමැතිනියට වැටහිය යුතුය. ලසන්තලා එකල ක්‍රියා කළේ ශ්‍රී ලංකා රාජ්‍යය සුරැකීමට වඩා එල්ටීටීඊ ත්‍රස්තවාදයට සුදු හුණු ගෑමට වග, බොහෝ දේ ඉක්මනින් අමතක කර දමන ශ්‍රී ලාංකිකයනට වුව මතක තිබිය යුතුය.
අනේ අසේල..? මතකද සමහර බලල්ලුත් ඒ කාලේ දඩයම් කළා....!
කිව්වොත් මෙයාලා අනිවාර්යයෙන්ම කරයි... මෙච්චර දවසක් කිව්වා සියලු දේවල් කරානේ...! බොරු කියන්නේ නැහැනේ..!
මිනීමරු දේශපාලන සංස්කෘතිය ලංකාවෙන් තුරන් කළ යුතුයි....
මෙන්න මේ අත්තනෝමතික මාරු වීම් නිසා අගතියට පත් නිලධාරින්ටත් යුක්තිය ඉටු කරන්න. ඉහළ තලවල නිලධාරින් කීප පොලක් මාරු කරා. මාරු කරලා දාලා තියෙන්නේ මාලිමාවට උපරිම කඩේ ගිය (අන්තිම මාස වල /කලින් මහින්දලාගේ හුරතලුන්) සෙට් එකක්. මාරු කරේත් මාලිමාව පතන ආකාරයේ අවංක කිසිදා රාජ්‍ය මුදල් වංචා නොකරපු අයයි. කරුණාකරලා මේ ගැන හොයන්න. ආන්ඩුව අන්දන මේ සෙට් එක කවුද? අවංක නිලධාරින් මාරු කරන්න නිර්දේශ දෙන්නේ කවුද...? ඔබලා හොයලා බලන්න මේවා. කීව පලියට විශ්වාස කරන්න එපා. අනික පක්ෂයේ දිස්ත්‍රික් ලේකම්ලාට තේරුම් කරලා දෙන්න මේ ගැන. රටක් දිනන්න පක්ෂයක් අවශ්‍යයි... නමුත් රටක් පාලනය කරන්න නිලධාරින් අවශ්‍යයි. පහුගිය රජයන්වල වංචා වල යෙදුණු නිලධාරින් දැන් අවංක නිලධාරින් කපනවා.. ඒක රටට අවදානමක් ගේනවා. අපි හිතුවේ ඔයාලා ආවම අඩුම ගානේ ප්‍රධාන තනතුරුවලට සම්මුඛ පරීක්ෂණ තියලා දක්ෂයන් දාවි කියලා... ඇත්තටම ඔයාලා විවේචන බාර ගන්නවද? අපි සමහර දිස්ත්‍රික් ලේකම්ලාට මේ ගැන දැන්නුවා. එයාලා ගණන් ගත්තේ නැහැ..
මෙයා යුක්තිය ඉටුකරනවා කිය කියා බයිලා ගහනවා. අරහේ බඩු මිල අහස උසට නැගලා.. කයිවාරු ගහන එක නවත්තලා ඒවා ගැන සොයා බලන්න..
ඔයා නඩු කාරයාද? අගමැතිද?
හෙජින් ගනුදෙනු, පැන්ඩෝරා පේපර්ස්, උගන්ඩා ඩොලර්, ලසන්ත වික්‍රමතුංග, රත්තරං අස්සයෝ, ලැම්බෝගිනි මේ සියල්ල අවසානයේ පුස්වෙඩිල්ල වී අවසන් වී යනු ඇත. නමුත් පොල් නැති, හාල් නැති, ලුණු නැති, වතුරත් නැති - යංතං විපක්ෂයේ පිහිටෙන් බේරුණු රටකි.
ලාල්කාන්ත සේරම දන්නවා. එයාව උසාවි ගෙනිච්චා නම් හරි.