(සුජිත් හේවාජුලිගේ)
"මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ලොව පුරා ජනාදරයට පත්ව සිටින යොහානිද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට ජීවිත කාලයටම වැදගත්වන මතක හිටින ත්‍යාගයක් ලබාදීම අපේක්ෂාව බව ජාතික උරුම,ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.
තමා මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
සම්මානයකට එහා ගිය දෙයක් ඇයට ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසු රාජ්‍ය ඇමැතිවරයා එම තෑග්ග කුමක්දැයි ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවද පැවසුවේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයමින් ඇය කළ සේවය තමා ඉහළින් අගය කරන බවද වික්‍රමනායක මහතා කීවේය.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා යොහානිද සිල්වා ගායන ශිල්පිනියට රාජ්‍ය සම්මානයක් ලබා දෙන බව පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.