IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


‘‘පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ් පතකින් ව්‍යාපාරික කටයතු කළ නොහැකියි‘‘

පෞද්ගලික භාවිතය සඳහා බැංකු මඟින් නිකුත් කර තිබෙන ණයපත් (ක්‍රෙඩිට් කාඩ්පත්) භාවිත කර ව්‍යාපාරික අරමුණු සඳහා භාවිත කළ නොහැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය ඊයේ (19) ප්‍රකාශ කළාය.

මේ වනවිට, විශේෂයෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කර විදේශීය භාණ්ඩ සහ සේවා ලබාගැනීමේ දී ඇති වී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් ඇය ඒ බව සඳහන් කළාය.

ඒ අනුව විදේශීය මුදල් ඒකකවලින් පවතින, විදේශීය භාණ්ඩ සහ සේවා ලබාගැනීමේ දී පෞද්ගලික අවශ්‍යතාවලට සීමා පැනවීමක් කර නොමැති බව ඇය කීවාය.

මීට අදාළව ඉකුත් මාර්තු මාසයේ දී චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද හෙතෙම කීය.

ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතයෙන් සූම් යනාදී අධ්‍යාපන සේවාවලට අවශ්‍ය වන සහ විශාල මුදලක් ගෙවීමට සිදුවන පෞද්ගලික අවශ්‍යතා සඳහා මෙහි බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බව ද ඇය කීවා ය.

විදේශ ‌ගෙවීම් සිදුකිරීමේ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අමතර ගාස්තු අයකිරීමක් වාණිජ බැංකු විසින් මේ වන විට සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් සහ විදේශ විනිමය දෙපාර්තමේන්තු ඔස්සේ සොයා බලන බව ද ඇය පැවැසුවා ය.

“මේක මේ දවස් කිහිපයේම අපිට අහන්න ලැබුණු දෙයක්. ණය කාඩ්පපත්වලින් ගෙවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කිසිම අලුත් නීතියක් පනවා හෝ ඒසේ කාඩ්පත් ගෙවීම් නවත්වන්න කියලා නැහැ. දැනට තියෙන නීතිය තමයි ණය කාඩ්පතක් පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට අවශ්‍ය කරන දෙයක් ලබා ගන්න. ‌වෙළෙඳාමක් වගේ දේකට භාණ්ඩ ලබාගන්න පාවිච්චි කරන්න බැහැ. නමුත් සාමාන්‍යයෙන් තමුන්ගේ පාවිච්චියට අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගන්න, අධ්‍යාපන ආයතනයකට ගෙවීමක් කිරීම වැනි සාමාන්‍යයෙන් කරන කටයුතු කරන්න තාම පුළුවන්. ඒකට කිසිම බාධාවක් අපේ නීතිවලින් ඇතිකරලා නැහැ." ඇය තවදුරටත් කීවා ය.

ක්‍රෙඩිට් කාඩ්පත් හරහා විදේශ ගෙවීම් සිදුකිරීමේ දී බැංකු විසින් යම් යම් සීමා පනවා ඇති බවක් වාර්තා වී තිබෙන බව මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙසේ කීය.

“ඔබට පුද්ගලික පරිහරණයට ලැප්ටොප් පරිගණකයක් ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරලා ඒය මිල දී ගන්න පුළුවන්. නමුත් ඔබ වාණිජ අරමුණක් ඇතිව ලැප්ටොප් 10 ක් හෝ 15 ක් මිල දී ගන්න කටයුතු කරනවා නම් ඒය ප්‍රශ්නයක් විය හැකියි”.

 



අදහස් (4)

‘‘පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ් පතකින් ව්‍යාපාරික කටයතු කළ නොහැකියි‘‘

Sujeeva pereira Thursday, 19 August 2021 10:19 PM

ලංකාවට හෙන ගහලා තියෙන්නේ ඕක තමා !

:       0       0

pakeer Thursday, 19 August 2021 11:13 PM

දෙකක් ගන්න පුළුවන්ද? අනේ නිකන් යන්න. යාලුවෝ ඔක්කොම සල්ලි දාලා 10ක් ගන්නවා නම්...!!! ප්‍රායෝගික වෙයල්ලා බන්..!!!

:       2       0

ලුම්බිණි Friday, 20 August 2021 06:11 AM

පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ් පතකින් ව්‍යාපාරික කටයතු කළ නොහැකියි කියන කතාවේ තේරුම මොකද්ද? ක්‍රෙඩිට් කාර්ඩ් එකක ලිමිට් එකක් තිබෙනවා. ඒ ලිමිට් එකට යටත්ව ඕනෑම දේකට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. වෙනත් රට වල එහෙමයි.

:       1       4

Kamal Friday, 20 August 2021 01:56 PM

මේ වගේ රටවල ඉපදෙන්නේ කරුමක්කාරයෝ

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

ෆවුසිට නොතිසි
2024 අප්‍රේල් මස 29 199 0

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික


අධ්‍යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක්
2024 අප්‍රේල් මස 29 203 0

උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය ක


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 18 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


ගාසා ළමා අරමුදලේ කාලය දිගු කරයි
2024 අප්‍රේල් මස 29 113 1

ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායක විය හැකි කාලය මැයි 31 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


පරාතේ තහනම මැතිසබයට
2024 අප්‍රේල් මස 29 296 0

බැංකු විසින් නිකුත් කෙරෙන ණය වෙනුවෙන් උකසට ගන්නා දේපළ වෙන්දේසියේ විකිණීම ( පරාතේ නීතිය) අත්හිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති බැංකු විසින් ප්‍රදානය කරන ලද


පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි
2024 අප්‍රේල් මස 29 266 3

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1777 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1610 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site