IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


ගාසා ළමා අරමුදලේ කාලය දිගු කරයි

(අංජුල මහික වීරරත්න)

ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායක විය හැකි කාලය මැයි 31 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම අරමුදල ආරම්භ කරනු ලැබීය.

පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය අප්‍රේල් 30 න් අවසන් වීමට නියමිතව තිබුණු ද දිවයින පුරා ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම අනුව එම කාලය මැයි 31 දක්වා දීර්ඝ කර තිබේ.

ළමා අරමුදලට දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම් මැයි 31 දිනට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත පරිත්‍යාග  තැන්පත් කර රිසිට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.



අදහස් (7)

ගාසා ළමා අරමුදලේ කාලය දිගු කරයි

කුමාර Monday, 29 April 2024 02:22 PM

රට ඉන්න ළමයින්ට කලින් ලංකාවේ ඉන්න දුප්පත් ළමයිට කන්න දිලා ඉදපියව්

:       1       20

ගාමිණි Monday, 29 April 2024 02:50 PM

රටේ ඉන්න ළමයින්ට බිත්තරයක්, මාළු කෑල්ලක් කන්න බැරි තැනට වැඩ කරලා ලෝකේ ඉන්න ළමයින්ට අනුකම්පාව. මේ පාර ඡන්දෙන් පැරදුණාට පස්සෙ යූඑන් එකේ තනතුරු ගන්න වෙන්නැති.

:       1       15

පිටරටවැසියා Monday, 29 April 2024 03:01 PM

පිට දීප... දේශ... ජයගත්තා...., මෙකල සිංහලුන්....!!!

:       1       6

Prabha Monday, 29 April 2024 03:09 PM

ඔය මුස්ලිම් ඡන්ද ටික ගන්නද?

:       1       11

HafeelMonday, 29 April 2024 05:22 PM

ඔබ හරි. මුස්ලිම් ඡන්ද ගන්න කරන අසාර්ථක උත්සාහයක්... මෙයා බටහිර ගැත්තෙක්. නමුත් බටහිර රටවල් සහ ඇමරිකාව මෙයාව ගණන් ගත්තෙත් නැහැ. ඒ නිසා මුස්ලිම් ඡන්ද ගන්නත් සහ මුස්ලිම් රටවලින් ආධාර ගන්නත් කරන උත්සාහයක්. මේ රට තුළ ඕනෑතරම් ඉන්නවා හරියාකාර වෙලාවට කන්න බැරි ළමුන්. ඒ වගේම අදටත් සමහර පාසල් ළමුන් පාසල් යාම සඳහා අනතුරුදායක ගංගා හරහා ගමන් කරන්නේ. ඕවා මෙයාට පේන්න නැහැ...!

:       1       6

Piyananda Monday, 29 April 2024 03:19 PM

අහවල් ජාතිය රටේ ලොකු ඇමැති තනතුරුවල. උන්ගේ බහට ලෝකෙට පේන්න වෙස්සන්තර වෙන්න යනවා. අසරණ වෙලා ඉන්න සිංහල බෞද්ධ දරුවො දෙමළ හින්දු දරුවො කතෝලික දරුවො ඕන තරම්. ඒත් ඒ පැටියන්ගේ ඇඬුම මදි මේ නපුංසක ‌ආණ්ඩුවට කිරි එරෙන්න.

:       4       10

nimal Monday, 29 April 2024 05:33 PM

අරමුදල් සැපයීම නවත්වන්න. ඔයාලා හැමෝම දන්නේ නෑ ඒ කවුද කියලා. කරුණාකර ඔබේ මාතෘ භූමියේ සිටින ඔබේ ජනතාව සහ දරුවන් රැකබලා ගන්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ස්ලෝවැකියානු අගමැතිට වෙඩි තබයි
2024 මැයි මස 15 61 0

ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


සා.පෙළ සිසුන්ගෙන් සිසු මෑණියන්ට මල් කළඹක්
2024 මැයි මස 15 81 0

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අ


ඇමෙරිකානු ආයතනයක පැමිණිල්ලක් ගැන විමර්ශන අරඹයි
2024 මැයි මස 15 584 0

ශ්‍රී ලංකාවේ ළමුන් යොදාගෙන අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඇමරිකාවේ (එන්.සී.එම්.ඊ.සි)අතුරුදහන් සහ සූරා කෑමට ලක් වූ දරුවන් උද


සා.පෙළ. සිසුවිය පැහැරගත් හතරක් අත්අඩංගුවට
2024 මැයි මස 15 940 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අ


‘අෂ්රෆ්’’කෞතුකාගාරයක් හදන්න මිලියන 25ක්
2024 මැයි මස 15 584 2

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේ


මියගිය කත ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී
2024 මැයි මස 15 866 1

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 716 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2246 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1926 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site