(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


යම් බලපෑමක් හේතුවෙන් ආතතියක් තිබුණේ නම් එලෙස බලපෑම් කළ පුද්ගලයාට එරෙහිව කටයුතු කිරීමට සියලු බලතල තමා අත තිබියදී එලෙස කටයුතු නොකිරීම නිසා  මුලතිව් හිටපු දිසා විනිසුරුවරයා  එම සිද්ධියේ වගකීම බාරගත යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (3)පැවසීය.

සිද්ධියේ වගකීම ආණ්ඩුවේ  ගිණුමට බැර කිරීමට උත්සාහ නොදැරිය යුතු බවද  අමාත්‍යවරයා කීවේය.

මුලතිව් දිසා විනිසුරුවරයාට යම් බලපෑමක් හේතුවෙන් ආතතියක් තිබුණේ නම් විදේශයකට ගොස් ලියුමක් එවමින් ඒ බව දැනුම්දීම ප්‍රහේලිකාවක් බවත්  එවැනි බලපෑමක්  තිබුණේ නම්
සිතාසි නිකුත් කර එලෙස බලපෑම් කරන පුද්ගලයාට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්  බලය   තියෙන්නේද විනිසුරුවරුන්ටම බවත්  ඔහු පැවසුවේය.

එවැනි බලයක් තිබිය දී ඔහු එම බලය  පාවිච්චි නොකළේ මන්දැයි ප්‍රශ්නයක් බව බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි