
(නිමල කොඩිතුවක්කු)
එක රටක් එක නීතියක් කියා බලයට පත් වූ රාජපක්ෂ රජය අවනීතිය රජයන රටක් බිහිකිරීමට පසුගිය මාස 8 තුළ කැප වූ බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(28) පැවසීය.
රාජපක්ෂ රජයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද ලක්ෂ 69 න් ඡන්ද ලක්ෂ විසි නවයක් මේ වන විට අඩුවී ඇතැයිද රාජකරුණා මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීය.
රටේ වගකිවයුතු පුරවැසියන් විදියට සියලු දෙනාටම ඡන්දය පාවිච්චි කරන ලෙසටත් ඔබේ ඡන්දයට වටිනාකමක් දිය හැකි පුද්ගලයකුට බාවිතා කරන ලෙසටත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය විදියට අපි ජනතාවගෙන් ඉල්ලනවා.
කොරෝනා බිය තියෙනවා නම් ඒ බිය තුරන් වන විදියට කටයුතු කරලා ජනතාවට ඡන්දය දිය හැකි පසුබිම සකස් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය විනාශ කරලා දැන් දවස් ගානක් ගත වෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාව ජනපතිගෙන් ඒ ගැන ප්‍රශ්න කරහම ජනාධිපතිවරයා එක විහිලුවකට ගන්නවා. අගමැතිත් මේක විහිලුවට ගත්තා. දැන් කමිටු දාලා මේ සිද්ධිය යටපත් කරන්න හදනවා. සාමාන්‍ය මනුස්සයෝ මේ වගේ වරදක් කළොත් කමිටු දාලා යටපත් කරනවද කියලා අපි රජයෙන් අහනවා.
පොහොට්ටුවේ පුත්තලම දිස්ත්‍රික් නායක සනත් නිශාන්ත මහතා පොලිස් නිලධාරීන් ඉදිරියේ ම හෙල්මට් නැතිව බයිසිකල්වල යමින් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනවා. තොණ්ඩමන් මහතාගේ මරණය ඉදන් මේ රටේ නීති දෙකක් ක්‍රියාත්මක වුණා.
එක රටක් එක නීතියක් කියලා මේ රජය බලයට පත්වුණාට අද රටේ එක නීතියක් නැහැ. මේ අයට ඕන විදිහට නීති වෙනස් කරනවා. එක රටක් එක නීතියක් සංකල්පය අද ඒ අයම විනාශ කරලා තියෙනවා. මේ රජයේ වැඩපිළිවෙල නිසා ජනාධිපතිවරණයේ දී ලැබුණු ඡන්ද ලක්ෂ 69 න් ඡන්ද ලක්ෂ 29ක් මේ වන විට අඩුවෙලා.
මෙයට අවුරුදු පහකට කලිනුත් මේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. නීතිය ක්‍රියාත්මක වුණේ රාජපක්ෂලාට ඕන විදිහටයි. හරි බලයක් නැතුව දැනට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙම නම් බහුතරයක් ගත්තොත් මේ අය නීතිය කොහොම ක්‍රියාත්මක කරාවිද කියලා ජනතාව අවබෝධ කරගත යුතුයි.
මේ අය බලයට පත් වුනොත් යළිත් අවනීතිය රජ කරන රජයක් බිහි වේවි. සුදු වෑන් සංස්කෘතියක් ඇතිවේවි. රාජපක්ෂ හිතවාදීන්ට එක නීතියකුත් විපක්ෂය අැතුලු සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක වේවි.
රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස ආරක්ෂා කරගනිමින් රට වේගවත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් කරා ගෙන යාමට සජිත් ප්‍රේමදාස මහතාගේ
නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය බලයට පත් කරන ලෙසට මේ රටේ සමස්ත සමස්ථ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා යයිද ඔහු එහිදී පැවසීය.
මෙම අවස්ථාව සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පාදුක්ක සහ ජෝර්ජ් පෙරේරා යන මහත්වරුන් ද එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘රාජපක්ෂ රජය පසුගිය මාස 8 දී අවනීතීය රජයන රටක් බිහි කිරීමට කටයුතු කළා ‘