(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. 

ඉන් සියයට 80ක පමණ ග්‍රාමීයව ජීවත් වන අය  බව විෂය භාර අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේය. 

එක් එක් ග්‍රාම සේවා වසමට අදාළව දුප්පත්කමට හේතු හඳුනාගෙන ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් සියලු දෙනා එක්ව සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.