
(යොහාන් භාසුර)
රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නීය.
පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව කී මහාචාර්යවරිය සාමාන්‍ය වහරට අනුව කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී සංඝටක යැයි ද සඳහන් කළාය.
රජය විසින් මෙරටට ගෙන ආ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ මෙම කරුණු ද්විත්වයම සපුරාලීමට අපොහොසත් නිසා ඒවා කාබනික පොහොර නොව රසායනික පොහොර බවත් රසායන විද්‍යාවට අනුකූලව යූරියා ද කාබනික සංයෝගයකක් වුවද රසායනිකව නිශ්පාදනය කරන බව ද පැවසුවාය.
එදිනෙදා ව්‍යවහාරයට අනුව කාබනික පොහොර යනු ශාඛ කොටස් වැනි කිසියම් හෝ ජීවි ද්‍රව්‍යක් යොදාගනිමින් නිෂ්පාදනය කරන පොහොර බවත් ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු කිසියම් ඛනිජ නිධියකින් ලබාගත් අකාබනික ලවණයක් බවත් මහාචාර්යවරිය පවසන්නීය.
මෙලෙස ගෙන ආ පොටෑසියම් ක්ලෝරයිඩ් මියුරේට් ඔෆ් පොටෑෂ් ලෙස භාවිත කරන රසායනික පොහොරක් වන බවද ඇය වැඩිදුර පැහැදිලි කරමින් කියා සිටියාය.
කෘෂිකර්ම අමාත්‍යවරයාට පොහොර ගැන දැනුමක් නොමැති බැව් අනුමාන කළ හැකි වුවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව මහාචාර්යවරයෙකු බව කී මාහාචාර්ය මෙත්තිකා මහත්මිය පැවසුවේ වරායට ළගා වී ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ පොහොර කාබනික පොහොර යැයි පැවසීම මුසාවක් බවයි.
COMMENTS
මහාචාර්යවරිය වැරදි ඇති. ඇමතිවරුන්ට වරදින්නේ නෑ පුදුම දැනුමක් තියන්නේ. බුද්ධිය දෝරෙ ගලනවා.
ඔය මූල ද්‍රව්‍ය අපේ කෘෂිකර්ම ඇමතිතුමා අලුතින් හොයාගත්ත එකක්. ආවර්තිත වගුවටත් හෙට අනිද්දට දානවා
පොටෑසියම් ක්ලෝරයිඩ් සාමාන්‍ය ලුණු (සෝඩියම් ක්ලෝරයිඩ්) මෙන්ම රසායනික ද්‍රව්‍යයක් බව පැහැදිලිය. ඇත්ත වශයෙන්ම සියලුම කාබනික ද්‍රව්‍ය වල මෙන් එහි කාබන් නොමැත. අපේ ඇමතිවරුන් කුමන ආකාරයේ මෝඩයන්ද සහ ඔවුන්ගේ ගෝලබාලයින් කෙතරම් බැඳී සිටින්නේද යන්න පෙන්වයි.
ඇමතිවරයාත් හැට නවයේ කල්ලියේ වියතුනුත් කියන්නෙ කාබනික කියලා .රසායනික විද්‍යාව උගතුන් කියනවා රසායනික කියලා. කවුද හරි කියලා දන්න කෙනෙක් කියන්න.
උදිත් කේ ජයසිංහ මහතා නම් අමාත්‍යාංශයේ කෑදරයා වන අතර සෑම අවිද්‍යාත්මක නොවන දෙයක් ගැනම සහ ව්‍යාපාර හා ආර්ථික කරුණු පිළිබඳ වැරදි වැටහීම් ගැන නිහඬව සිටී. වයඹ විශ්ව විද්‍යාලයට එය ඉතා නින්දිත ය.
ඕක ඕනි පොඩි එකෙක් දන්නවා, මේ ආණ්ඩුවේ විද්වත්තු නොදන්නවා උනාට.
මෙතුමිය නේද කොරෝනා සිරුරු භූමීදානයට එක එක දේවල් කිව්වේ ?මෙච්චර කල් කොහෙද හිටියේ ?
225 ම අපහු පාසැල් යැව්වොත් හොඳයි වගේ
මහලොකු වියත්තු.... පොටෑසියම් ක්ලෝරයිඩ් (KCl) වල තියෙන්නේ පොටෑසියම් සහ ක්ලෝරීන්. කාබනික ද්‍රව්‍යයක් වෙන්න එහි කාබන් මූලද්‍රව්‍ය අඩංගු වියයුතුයි කියන එක වත් තේරෙන්නේ නැති වැස්සකටවත් ඉස්කෝලෙකට රින්ගපු නැති වියත්තු.....
5 පංතියේ ලමයෙක් වුනත් දන්නව කාබනික පොහොර කියන්නෙ මොනවද රසායිනික පොහොර කියන්නෙ මොනවද?
තර්කානුකූලව මහාචාර්යවරිය නිවැරදියි. ඒ අනුව අපේ එප්පාවල පොස්පේට්වල තත්වය කුමක්ද?
මම හිතන විදියට ආණ්ඩුව වචන වරද්දා ගෙන . මෙ කාබනික පෙහොර නොව කෘත්‍රිම සහ ස්වාභාවික පොහොර විය යුතුය . කෘත්‍රිම පොහොර ( උදාහරණ - යූරියා ) නිපදවීම නිසා විෂ ද්‍රව්‍ය පරිසරයට කෘත්‍රිමව එකතු වෙනවා. ස්වභාවික ඛනිජ යොදා ගෙන පොහොර නිපදවීම නිසා එතරම්ම විෂ එකතු වෙන්නේ නැහැ. මේ කියන පොටැසියම් ක්ලෝරයිඩ් එවැන්නක් . ලංකාවෙ පොස්පේට් නිධියත් ස්වාභාවික ඛනිජ පොහොර හදන්න පුළුවන් .
දැන් රසායනික පොහොර ඉල්ලලා දඟලපු ගොවියන්ට නෙකත් හරි යන්නේ නැද්ද
මේ ආන්ඩුවට කඩේ යන විද්වතුන් කියන්නෙ තනිකරම තමන්ගෙ පැවැත්ම ගැන විතරක් හිතන අය. ඒගොල්ලො රටේ ඉදිරිය ගැන හිතන්නෙ නෑ කොහොම හරි තමන්ට කීයක් හරි හම්බකරගන්න පුලුවන්ද කියල විතරයි බලන්නෙ.
කටපාඩම් කරලා මහාචාර්ය වුණාම ඔහොම වෙනවා. මේ වගේ දේවල් මාධ්‍යවලට දෙන්න ඉස්සෙල්ලා ඒක ගැන හොයලා බැලුවොත් හොඳ නැද්ද? ඒක මහාචාර්ය කියන නමට හොඳ නැහැ..
අපිටනම් 100% විශ්වාසයි. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ කාබනික පොහොර කියලා...
කාබනික ...!
පොතේ ගුරු මහාචාර්යලා. මෙතන තියෙන්නේ KCL කාබනිකද? නැද්ද? යන්න නොව එය කාබනික වගාවේ යොදන පොහොරක් බවයි. කාබනික වගාවේ පොටෑසියම් ක්ලෝරයිඩ් යොදන්න පුළුවන්. පොතේගුරාලාට ඕක තේරුම් ගන්න බෑ...
ආ... මේ වතුරෙන් කොරෝනා බෝවෙනවා කියපු නෝනා නේද...?