IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘දුෂණ චෝදනා ඇති අයට අමාත්‍යංශ ලේකම් තනතුරු එපා’

(විනීතා එම් ගමගේ)

යහපත් තීරණ අනුව රට මෙහෙයවීමේ ප‍්‍රධාන භූමිකාවක් හොබවන අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේ දී දූෂණ චෝදනා එල්ල වූ හෝ ජනාධිපතිවරණ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ හෝ රාජ්‍ය නිලධාරින් පත් නොකිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

මේ වනවිට පසුගිය මැතිවරණයේ යම් යම් අක‍්‍රමිකතාවයන් සම්බන්ධයෙන් චෝදනා  ලැබු සහ විනය පරික්ෂණවලට ලක්වූ රාජ්‍ය නිලධාරින් සමහරු මෙන්ම පසුගිය කාලසීමාව තුළ මහත් ආන්දෝලනයට ලක්වූ නිලධෘරින් ද අමාත්‍යංශ ලේකම් තනතුරු වැනි උසස් නිලයන් සඳහා යෝජනා වී ඇතැයි වාර්තා වී ඇති බව ද එහි සඳහන්ව ඇත.

සම්ප‍්‍රදායික පක්ෂ දේශපාලන යාන්ත‍්‍රණයෙන් බැහැර පුද්ගලයකු ලෙස ජනාධිපතිවරයා මෙතෙක් ගත් යහපත් තීරණවල දී මෙවැනි පුද්ගලයින් ගෙන් හානි විය හැකි යැයි එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු මේ දක්වා ගනු ලැබූ බොහොමයක් තීරණ පැසසිය යුතු ඒවා බවත් ඒ අතර ඇති කැබිනට් මණ්ඩලය අවම කිරීම අමාත්‍යංශවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය පමණක් ප‍්‍රදර්ශනය නොකිරීම පරිවාර රථ අඩුකිරීම, කාර්ය මණ්ඩලය සීමා කිරීම, රාජ්‍ය නිලධාරින්ගේ විදේශ  ගමන් අවම කිරීම වැනි තීරණ මහජන ප‍්‍රසාදයටත් ගෞරවයටත් හේතු වන බව ද එහි සඳහන් වේ.       

 



අදහස් (0)

‘දුෂණ චෝදනා ඇති අයට අමාත්‍යංශ ලේකම් තනතුරු එපා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site