IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


‘කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බයයි’

(අනීෂා මානගේ)

 හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බිය බව සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අද(26) පැවසීය.
 
තිස්ස අත්තනායක මහතා මෙසේ පැවසූයේ බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී පැවැති සමඟි ජනබලවේගයේ ජනහමුවකට සහභාගී වෙමිනි.
 
තිස්ස අත්තනායක මහතා මෙසේද පැවසුවේය.
 
“එල්ටීටීඊ සංවිධානයේ නියෝජ්‍ය නායකයා සහ මඩකලපුවේ අණදෙන නිලධාරියා වශයෙන් හිටපු පසුකාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවෙලා හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වය දැරූ පක්ෂයේ දෙවරක් ජාතික ලයිස්තුවට පත්කළ කරුණා අම්මාන් පසුගියදා ප්‍රකාශයක් කළා. මිනීමැරුම් ගැන පාපොච්චාරණය කරන අපේ සොල්දාදුවන් මරලා දැම්මා කියලා කටමැත දොඩවන කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බයයි.
 
ඒ පිළිබඳව මතු වුණ ජනතා විරෝධය නිසා ආණ්ඩුව දැන් කටඋත්තර ගන්න එන්න කියල තිබුණා. එහෙම එන්න කියනකොටත් චන්ඩි කතාවක් කියල තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔලුව නමන්නේ නැතුව බලකරපු නිසා කටඋත්තරයක් දීල තිබෙනවා කියල ආරංචියි. අපේ හමුදාව මොකටද වැඩ කළේ. අපේ හමුදාව වැඩ කළේ ජනතාව ආරක්ෂා කරන්නයි. යුද්ධය පැවති අවස්ථාවේදී හමුදාවටත් චෝදනා එල්ල වුණා. මානව හිමිකම් කඩ වුණා කියලා මානව හිමිකම් සංවිධාන ජාත්‍යන්තර වශයෙන් හමුදාවට ඇඟිල්ල දික් කළා. හැබැයි එහෙම දික් කළ ඇඟිල්ල ඇයි කරුණා අම්මාන්ට දික් වෙන්නේ නැත්තේ. ඇයි ඒ අය චෝදනා කරන්නෙ නැත්තේ. ඒ ඔක්කොම නිහඬයි. මේ රටේ නීතිය සාධාරණත්වය හැමෝටම තියන්න ඕනෑ” යැයිද කීවේය.

 



අදහස් (0)

‘කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බයයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 509 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site