
(මනෝප්‍රිය ගුණසේකර)
හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගෙස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පෙලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා කෲරත්වයට පත්වු පුද්ගලයන් පස්දෙනාට රුපිල් ලක්‍ෂ 05 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම් පැනවු විනිසුරුවරයා විත්තිකරුවන්ට රුපියල් 10,000/- බැගින් දඩ මුදල්ද නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ තිස්සමහාරාම පොලිසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දැනට කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවයා වශයෙනන් කටයුතු කරන ප්‍රභාත් දේශබන්ධු, තිස්සමහාරාම පොලිසයේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් කටයුතු කළ දැනට වැල්ලවත්ත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙනන් කටයුතු කරන සන්නස්ගල සහ තිස්සමහාරාම පොලිසයේ සැරයන්වරයකු වශයෙන් කටයුතු කර මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින කුලතුංග නමැත්තාය.
2003 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේදී හෝටලයක හිමිකරු සහ එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සිව්දෙනකු පැහැරගෙන ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.
මෙලෙස පැහැරගෙන් ගොස් කෲරත්වයට පත් කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වුයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ‘තිස්ස විලේජ්’ නමැති හෝටලයේ හිමිකරු වන උදය ශාන්ත දිසානායක කොඩිතුවක්කු එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සමන්ත, අජන්ත, රුවන් සහ එවකට විශ්ව විදාල සිසුවකු වශයෙන් සිටි සුජීව දිසානායක නමැත්තන්ය.
‘තිස්ස විලේජ්’ නමැති හෝටලය සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු සහ තවත් පාර්ශවයක් අතර ඇති වු ආරඅවුලක් හේතූවෙන් විත්තිකාර පොලිස් නිලධාරීන් හෝටලයේ හිමිකරු සහ එහි සේවකයන් පැහැරගෙන ගොස් ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කර ඇති බවත් පසුව ගිනි අවි, බෝම්බ ලඟ තබාගත් බවට චෝදනා කරමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් රිමාන්ඩ් බාරයට පත් කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු ඇතුළු සේවකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩු පැවරීමෙන් අනතුරුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කාර හෝටලයේ හිමිකරු ඇතුළු සේවකයින්ගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු වීමෙන් පසු පොලිස මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව විත්තිකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මාතර මහාධිකරණයේ නඩු පවරන ලදී.
මේ සම්බන්ධයෙන් වසර 19ක කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා චෝදනාවන්ට විත්තිකරුවන් වරදකරුවන් බවද තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණය ඉෂ්ට වීමට වසර 19ක් ගතවෙලා. සාධාරණය ඉෂ්ට වීම ප්‍රමාද වීම සාධාරණය ඉෂ්ට නොවුනා හා සමානයි කියල කතාවකුත් තියනවා. ඉතින් මේක ජිල්ලබගිඩියාවනේ. ඒකේ එහෙම තමයි.
දැන් තිබුණු උණ සනීප ඇති නේද උඹලට ? සමහර පොලිස් නිලධාරීන් හිතාගෙන ඉන්නේ උන් අග විනිසුරුටත් ඉහළ කියලයි . දැන් ඉතින් බලුවෙලා කල්දේරම් බත් වල රහ බලපල්ලා . අනිත් අයත් මේවා දැකල හැමවිටම නීතියටම වැඩ කලොත් හොඳයි මොකද නැත අනම් අහිංසක දරු පවුලුත් අනාථ වෙනවා. කොහොම වුණත් දවසක් ඔය කෝට් එක ගලවලා ගෙදර යන බව මතක තියාගෙන මනුස්සයෝ වගේ වැඩ කලොත් හොඳයි .
ගරු අධිකරණයට ආචාරය
මේ දේශබන්දුත් අර දේශබන්දු වගේම දේශබින්දු වැඩ තමයි කරලා තියෙන්නේ වෙනස මූ හිරේට අරයා ලොකු පුටුවට
එය සිදු වූයේ අගමැති රනිල් යටතේ චන්ද්‍රිකාගේ කාලයේද?
නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා වගේම ඉක්මණින් ක්‍රියාත්මක නොවීම, රට තුළ අපරාධ අඩු නොවීමට එකම හේතුව. නඩු කල් යෑමට එකම හේතුව රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ බඩ ගෝස්තරය රැක ගන්න ඕනා කියලා සිතිම
අම්මෝ , සුනාමිය එන්නත් කලින් වෙච්ච සිද්ධියක්. කොච්චර කල් ද?
නියමයි..සමහර යුනිෆෝම් පොරවල් කාරයෝ හැසිරෙන්නේ නීතියට ඉහලින් ඉන්නවා වගේ..
දේශබන්දු තිස්සමහරාම පොලිසියේ ඉන්න කාලේත් කාගෙවත් දේශපාලකයින්ගේ අතකොළුවක් වුනේ නෑ.. චණ්ඩි එක්ක තමයි හැප්පුනේ දේශබන්දුගේ යටතේ හිටපු සමකාලීන පොලිස් පරීක්ෂකවරු එස්පීලා දක්වා ඉහළට ගියා, දේශබන්දු දිගටම එකම නිලයේ හිටියේ. කිසිම දවසක පගා ගැහුවා කියලා ආරංචියක්වත් නෑ.. ඒක මෙහේ මිනිස්සු දන්නවා.