
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතාව ලබන 9 වැනිදා කොළඹට ඒකරාශිවී අරගලය අවසානය කරා ගෙන යා යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කර ඇති බරපතළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (03) ප්‍රකාශ කර ඇත.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.
රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මෙසේ සඳහන් කර ඇත.
සරත් ෆොන්සේකා මහතා සිදුකර ඇති මෙම ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් හෙයින් මහජන කැළඹීමක් ඇතිකිරිම සඳහා සිදුකරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදි අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ඇත.
එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි අවධානය යොමුකර ඇති බවයි.
එමෙන්ම පසුගිය මැයි මස 09 වැනිදා ඇතිවූ කලහකාරී තත්වයත් සමඟ සිදුකර ඇති නිවාස හා දේපළ හානි සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කර ඇත.
මන්ත්‍රීවරුන්ගේ නිවාස හා දේපළවලට සිදුකළ හානි සම්බන්ධයෙන් පිරිස් අත්අඩංගුවට ගැනීම මේ වනතෙක් සිදුව නොමැතිනම් එම තොරතුරු සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙසද ඇමැතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
මෙම සිදුවීම් වලට අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම් හා විමර්ශන කඩිනමින් සිදුකරන බවටද අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙහිදී මන්ත්‍රීවරුන්ට පොරොන්දුවී ඇත.
COMMENTS
ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ පක්ෂය පවා මේ ගැන කටයුතු කළ යුතුයි. සරත් ෆොන්සේකා මිනිසුන් ගෙන්වලා කලබල ඇති කරවලා ආණ්ඩුව පෙරළන්න හදන්නේ ඔහුද දැන් සමගි ජන බලවේගයේ ජනාධිපති වෙන්න ඉන්නේ.
ඇයි අරගල කරුවන්ට සහය දෙන එක වැරදිද. මේක පොලිස් රාජ්‍යයක්ද? ප්‍රජාතන්තරවාදී රජයක්ද?
මේ අරගලයේ කැඳවුම්කරු... වහාම අත්අඩංගුවට ගෙන සිපිරිගෙට තල්ලු කරන්න.
දැන්නම් පොඩ්ඩක් බයවෙලා වගේ..!
අනේ මන්දා හිටපු හමුදාපති කෙනෙක්ගේ විනයගරුක හැසිරීමක්ද මේ. මිනිසුන් උසි ගන්වලා කැරලි ගහන තැනකට ගේන්න හදන්නේ. තමන්ගේ බල තණ්හාව තමයි මේ පෙන්වන්නේ. හිටපු නාවික හමුදාපති වරක් කියලා තිබුණා සරත් ෆොන්සේකා හමුදා නිලධාරියෙක් හැටියට උතුරේ හිටි කාලයේ ඔය වගේ දෙයක් කරන්න ගිහින් නාවික හමුදාව මගින් නවත්වපු හැටි. මම හිතන්නේ ඒ කතාව ඔහු ලියූ අධිෂ්ඨානය කියන පොතෙත් තියෙනවා. දැන් මේ හැසිරීම් රටාව ගැන ඒ නිසා පුදුම වෙන්න එපා. ඒ වගේම මේ ගැන නිසි පියවර ගන්න.
මේක සරත් ෆොන්සේකා මහතා කුමාර් ගුණරත්නම් අතර ඇති පරණ යාළුකමට කරන දෙයක් වෙන්නත් පුළුවන්. 88-89 කාලේ කුමාර් ගුණරත්නම් ත්‍රිකුණාමල ජේවීපී නායකයා වෙලා ඉන්න කාලේ සරත් ෆොන්සේකා මහතාට බාරවුණාම ඔහුට ඕස්ට්‍රේලියා යන්න රාජ්‍ය අනුග්‍රහය අරන් දුන්නේ ෆොන්සේකා මහතායි...
මෙයා පුදුම බල ලෝභී කෙනෙක්. ඇමති කෙනෙක් විදියට තමන්ගේ උප ඇමතිට සලකපු හැටි, රජයේ නිල නිවාස වල ඉන්නේ නැතුව තරු පහේ හෝටල් වල ඉඳන් නිල නිවාස ගුබ්බායම් කියලා කියපු හැටි තෙවරප්පෙරුම උප ඇමති කිව්වා.
සරත් ෆොන්සේකා මහතාගේ කථාව ඉතාම නිවැරදියි. ජයවේවා ඔබට මා ඔබගේ පක්ෂය හෝ දේශපාලන ගමන පිළිබඳව පැහැදීමක් නැතත් ඔබගේ අවංක හා නිර්භීතකමට ඉතාම කැමතියි
දැන් එතකොට මැති ඇමැතිලාගේ ආරක්ෂාව ගැන බැලුවාම ඇතිද? නීතියේ තරම පේනවනේ තවත් බයියන් ඉන්නවා හුරේ කියන්න. පොලිස්පති කිව්වා නේද පොලිසිවලට 184 ක් තියෙන්නේ දේශපාලන පත්වීම් කියලා... ඔබලාගේ ගෙවල් දොරවල් බලෙන් අයිතිකර ගත්තත් ඔබලාට ගිහින් පැමිණිලි කරන්න කෙනෙක් නෑ. පොලිසියත් ඔවුන්ගේ යට තියෙන්නේ... කවුරුත් කතා කරන්නෙ සරත් ෆොන්සේකා වැරැදියි කියලා... ඇයි මහින්ද මැයි 9 ගිහිින් ගහපු එක ගැන කතාකරපල්ලාකෝ... ඇයි ඒක ගැන කතාකරන් නැත්තේ එතකන් කිසි ප්‍රශ්නනයක් තිබුණේ නෑනේ... ඒකට වගකියන්න කවුරුත් නෑ එදා මැරිච්ච අය ගුටිකාපු අය තාම ඉස්පිරිතාලවල... මේවා උඹලට වෙනකන් බලාගෙන හිටිපන් හොඳයි කිය කිය වහල්ලු හදන්න බෑ... ඔවුන් වහල්ලුම තමයි..
Sarath Fonseka has given an OATH under article 63 of the Constitution that he upholds the Constitution. Firm action should be taken against his unconstitutional conduct.