
(සුජිත් හේවාජුලිගේ)
සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තාක්ෂණික කාරණා හේතුවෙන් සමාජ මාධ්‍යවලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කිරීම ප්‍රායෝගිකව දුෂ්කරවී ඇති බවයි.
සමාජ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ අසූවකට ආසන්න පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඒවා නතර කරන ලෙසට පසුගියදා උපදෙස්දී තිබිණ.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට දිගින් දිගටම උපදෙස් දුන් බවයි.
එසේම මැතිවරණ කොමිෂන් සභාව නතර කරන ලෙස උපදෙස් දුන්නද මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා විවිධ සමීක්ෂණ වාර්තා නිකුත් කිරීමද අඛණ්ඩව සිදුවන බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 04
181
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
372
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆේස් බුක් තවම ඡන්ද වැඩ