
(සුනිල් එස් තන්ත්‍රිආරච්චි සහ සුමිත් පොතුපිටිය)
කළුතර නගර මධ්‍යයේ පිහිටි හෝටලයක උඩු මහලින් වැටී 16 හැවිරිදි සිසුවියක මිය යාමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියක මැයි 15 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මියගිය සිසුවිය සමග හෝටලයට ගිය ඇගේ යෙහෙළියක වූ පබර මාවින්දි, ඇගේ පෙම්වතා බව කියන ඉහාන් තිනුර ද සිල්වා සහ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ දැනට අතුරුදහන්ව සිටි සැකකරු මෝටර් රථයකින් රැගෙන ගිය බව කියන කවිඳු අංජන ලංකාපුර යන තිදෙනාය.
කළුතර නාගොඩ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක වූ ටිහාරා නිර්මාණී සිල්වා මෙම සිද්ධියෙන් මිය ගියාය.
ප්‍රධාන සැකකරු ලැගුම් හලෙන් පලාගිය මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සගවා තිබියදී සොයාගෙන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි මෝටර් රථයේ රියදුරු ද අත්අඩංගුවට අත්අඩංගුව ගත්තේය.
තරුණිය ඇදවැටීමෙන් පසු ලැගුම් හලෙන් පලාගිය සැකකරු බණ්ඩාරගම ගැලනිගම දක්ෂිණ අධිවේගී පිවිසුම අසලට ගමන්කර එහි මෝටර් දමා යාමෙන් පසු රථය රැගෙන පැමිණි ඇති බවට රියදුරුගේ ප්‍රකාශ වලින් තහවුරුව ඇති බව අධිකරණයේදී කියැවිණි.
මෙම සිව්දෙනා ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පස්වරු 6.20 ට පමණ කළුතර ලැගුම්හලට පැමිණ වායුසමනය කළ සහ නොකළ වශයෙන් කාමර දෙකක් ලබාගෙන ඇති බවත්, ඔවුන් සමග සිව්දෙනාම එකම කාමරයක මත්පැන් පානය කරමින් සිටින අයුරු හෝටල් සේවකයකුගේ ප්‍රකාශවලින් තහවුරුව ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.
හෝටලය තුල පැයකට ආසන්න කාලයක් රැදීසිටි රිමාන්ඩ් බාරයට පත් වූ තරුණ යුවළ හෝටලයෙන් පිටව ගොස් ඇති අතර ඉන්පසු ප්‍රධාන සැකකරු අනෙක් තරුණයාට පාසල් සිසුවිය පහළට ඇදවටුන බවත්, අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා ඕක හංගපන් යනුවෙන් උපදෙස් දී ඇති බවත් සදහන් වේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා මළසිරුර වැටී තිබුන ස්ථානයට මීටර් 600 ක් පමණ පාගමනින් ගොස් රේල්පාරේ තිබූ මළසිරුර අයිනකට ඇද දමා කළුතර දෙසට ගමන්කර ඇතැයිද පොලිසිය කීය.
නිරුවත් මළසිරුර රේල් පාරෙන් ඉවත්කරන අයුරු හෝටල් සේවකයකු සහ හෝටලයේ දෙවන මහලේ ආහර ගනිමින් සිටී කාන්තාවක දැක ඇති බවද පොලිසිය කීය.
කළුතර ශීක්ෂණ රෝහලේදී පශ්චාත් මරණ විමර්ශනය සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී ඩී.කේ. වෙනුරජිත් මහතා විසින් සිදුකර ඇති අතර , ශරීර කොටස් සහ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇත.
ශරීරය පරීක්ෂා කිරීමේදී දැරියගේ දකුණු පාදයේ සහ වම් පියයුරක දත් පහරවල් නිරීක්ෂණයවී ඇතැයිද සදහන් වේ.
(ඡායාරූප: සුමිත් පොතුපිටිය)

COMMENTS
හෝටලයේ උඩුමහලින් වැටුණා කියා තීන්දු කළේ කව්ද? වැටුණාද? පැන්නාද? තල්ලු කළාද? වැටුණොත්, තල්ලුකළොත් කෑගහගෙන වැටෙන්නේ.
මේකේ සැකපිට අත් අඩoගුවට ගත් එවුන්ගේ නම් ගම් පවා දාලා. ඒත් ඕමාන කම්හල වහන්න වුන රාජ්‍ය ඇමතිගේ නම දාන්න තාම බැරි වුනා. ඒවට තටමනවා. ඔන්න අපේ රටේ මාධ්‍ය. විලි ලැජ්ජයි
මම කමෙන්ට් එකක් දැම්මා. තාම ඒක වැටිලා නෑ. ඇයි දන්නේ නෑ ඒ?
දැරියගේ චරිතය කෙසේද කියලා පැහැදිලි නැහැ ඒත් පබර කියන යාලුවා නම් 1987-89 කාලයේ මිනීමැරුම් කරපු ජෙප්පො අනුගමනය කරන එකියක් තමයි ඒ කාලයේ ජෙප්පො කලෙත් ඒකම තමයි උදාහරණයක් හැටියට ඉමිහිරි ගායනයකින් ජනතාව සැනසූ ගෝමස් ගායිකාව ගැන කියන්න පුළුවන් ජනතාව මාලිමාව ගේන්න සිටින නිසා අපිට නුදුරේදීම පබර වගේ පාලකයො ආවොත් තවත් හොදින්ම පැහැදිලි වේවි
මුල් වාර්තා හා ඡායාරූප අනුව එහි සිටි පුද්ගලයා පච්ච්කෙටූ නැත්නම් ටැටූ ගසාගත් රැවුල වවා තොප්පියක් හිසදා කලු නැත්නම් අදුරු ඇදුමක් ඇදගත් පුද්ගලයෙක් කියලා පෙනුනා එහෙම අය විශේෂයෙන් කලු ඇදගත් අයගැන කිසිම විශ්වාසයක් තියන්න හොද නැහැ ඔවුන්ගේ සිත් ඉතාමත් දරුණුයි නැත්නම් ඔවුන් සමාජයට අකටයුතුකම් කරන පිරිසක් තමයි මේක පිරිසක් නොපිළිගන්නවා වෙන්න පුළුවන් ඒත් මම කියන්නෙ තරුණ දැරියන්ට මම කියපු ලකුණු හතර තියෙන අය ආශ්‍රයෙන් වැලකීම තමන්ගෙ ආරක්ෂාව සදහා ප්‍රයෝජනවත් වෙනවා කියලා පමණයි
මොනව කිව්වත් මේ ලමයගේ දෙමාපියන් වැඩිහිටි තරුණියක් සමග දුවට යන්න දීම වැරදි...
මේක තනිකරම යාලුවා එයාගේ කොල්ලා එක්ක ප්ලෑන් කරලා දුන්නු බ්ලැක්මේල් වැඩක්...
කොහොමටත් සසර පුරුදු කළ පව් අමතක කරන්න බැහැ. ඒ වුණත් පාපමිතුරු ඇසුරු කිරීමේ ප්‍රතිඵලයි... මේ තමාගේ මාපියන් රැවටීම විශේෂයෙන්ම මව්තුමිය රැවටීම... අද ඉන්නා බාල වයසේ දූවරු සිතන්න අද සමාජය විෂමයි, දරුණුයි දෙවියන්ගේ නාමයෙන්... හැඟීම් වලට නතු වෙන්න ඵපා... තක්කඩියන්ට රැවටෙන්න එපා. දුක් මහන්සි වෙන්නේ දෙමාපියන්..!
වැඩිවියට පත් දැරියකට නිවසේ කෙනෙක් නැතිව ගෙදරින් එිලියට හවස් වරුවක යන්න දෙන එක වැරදියි. එහෙම වුනානම් මේ වගෙ අවාසනාවන්ත ඉරණමක්්අඅත්නොවෙන්න තිබුනා.
මියගිය සිසුවිය අවුරුදු 16 බව කියනවා. එ වගේ කුඩා දැරියක් මත්පැන් පානය කරල අමු නිර්වස්ත්‍රව හොටල් කාමරයක ආගන්තුක පුද්ගලයකු ඉදිරියේ නටන්න පිලිවන් නමි, ඒ තැනැත්තියගේ චාර්යාව මනාව පැහැදිලි වෙනව. දොස් කියන්න තියෙන්නේ මෙවැනි දියණියකි හදාපු දෙමවිපියන්ටයි. කුඩා කාලයේ සිටම දෙස බස සදාචාරය පුරුදු කරල නැහැ.
හීනෙන් ඇවිදින ලමයිනුත් ඉන්නවා
ආගමට දහමට දරුවන් යොමු නොකිරිමෙ වරද දෙමාපියන් බාරගත යුතුය
මෙකට එ ගෑනු ලමය , එතා සිටි අනෙක් අය විතරක්ම නෙවෙ අපෙ සමජයෙ හැමෝම වැරදි නිසයි මෙවගෙ අපරාද වෙන්නෙ.