
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාජ රියදුරු බලපත්‍ර සකසා මුදලට අලෙවි කිරීමේ යෙදුණු බොරලැස්ගමුව වේරහැර ස්ථාන දෙකක් වටලා ව්‍යාජ රියදුරු බලපත්‍ර තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමග ව්‍යාජ රියදුරු බලපත්‍ර 11 ක් , ව්‍යාජ තාවකාලික රියදුරු බලපත්‍ර 70 ක් , තාවකාලික රියදුරු බලපත්‍රවලට යොදන ස්ටිකර් 10 ක් , මොනිටරයක් , ලැෆ් ටොෆ් පරිගණකයක් හා , රබර් මුද්‍රා 04 ක් පොලිස් භාරයට ගෙන ඇත.
බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකසා මුදලට අලෙවි කරන ස්ථාන දෙකක් කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන යන බවට නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ජි. ජේ. කහටදෙනිය මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
2025 දෙසැම්බර් මස 04
610
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
516
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොර ලයිසන් තිප්පොළක් වටලයි
pakeer Thursday, 11 December 2025 09:25 AM
මේ ලයිසන් කාඩ් එක එහෙම හොරට ප්‍රින්ට් කරන්න බැහැ එළියේ මම දන්න විදියට .හේතුව මේක සාමාන්‍ය ප්‍රින්ට් එකකින් කරන්න බැහැ .මේක තව දුරට සොයා බැලිය යුතුයි