IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


හේලීස් සෝලා වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තිය ආශ්‍රිත නිෂ්පාදන සපයන්නකු වනHayleys Solar විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.

මෙය ශ්‍රී ලංකාවේ ජල සැපැයුම් අභියෝගවලට තිරසාර හා කාර්යක්ෂම විසඳුමක් වන අතර, මෙමඟින් කෘෂිකර්මාන්ත කටයුතුවල සිට නිවෙසේ දෛනික ජල අවශ්‍යතාවලදී ද වැය වන බලශක්තියේ සැලකිය යුතු ඉතිරියක් ලබාදෙන බව එම සමාගම කියයි.

පහසුවෙන් ස්ථාපනය කිරීමේ හැකියාව සහ ධාරිතා කිහිපයකින් යුත් මෙම පොම්ප ස්ථාවර ජල සැපැයුමක් සහතික කිරීම සඳහා ධනාත්මක බලපෑමක් ලබා දෙන අතර, පුනර්ජනනීය බලශක්තිය සඳහා Hayleys Solar හි කැපවීම ද මෙමඟින් මැනවින් ප්‍රදර්ශනය කරන බව ද එම සමාගම සඳහන් කරයි.

දශකයකට වඩා දිගු කාලයක වෙළෙඳපොළ අත්දැකීම් මෙන්ම දිවයින පුරා මෙගාවොට් 150කට අධික සූර්ය බලශක්ති පද්ධති සාර්ථකව ස්ථාපනය කිරීමේ වාර්තාගත අත්දැකීම් සහිත Hayleys Solar යනු Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශයයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Hayleys Fentons හි කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය, පශු සම්පත් කළමනාකරණය සහ පතල් කැණීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවලදී ජල සම්පාදනය පිළිබඳව අභියෝග රැසකට මුහුණ දෙනවා. මෙම අභියෝග අවම කරගැනීමටත්, රටේ කාලීන ගැටලු‍වක් වන ස්ථාවර ජල සැපැයුමක් සහතික කිරීම කෙරෙහි තිරසාර විසඳුමක් ලෙසත් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප හඳුන්වා දීම වැදගත් වෙනවා.”‍

Hayleys Solarහි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි රොෂේන් පෙරේරා මහතා මේ පිළිබඳව ඔහුගේ අදහස් මෙසේ සඳහන් කළේය.

“මහා පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති සඳහා හරිත විකල්පයක් ලෙස මෙම නවෝත්පාදන විසඳුම වඩාත් සුදුසුයි. පුළුල් පරාසයක විහිදුණු ව්‍යාපෘති භූමිවල භාවිත කරන බහුවිධ පොම්පවලට කදිම ආදේශකයක් වන මෙම අතේ ගෙන යා හැකි සූර්ය පොම්ප පද්ධතිය සූර්ය බලය උපයෝගි කරගනිමින් උපරිම කාර්යක්ෂමතාවකින් ක්‍රියාත්මක වන අතර, එය මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරන ආර්ථිකමය වශයෙන් ද ඉතා වාසිදායක විසඳුමක් වෙනවා.

එබැවින් මෙම නිෂ්පාදනය ගොවීන්, නිවාස හිමියන් සහ ව්‍යාපාරිකයන් සඳහා සැලකිය යුතු ඉතිරියක් හිමි කර දෙනවා. මළ නොබැඳෙන වානේ නිමාව නිසා මෙම පොම්පය ඕනෑම දේශගුණික තත්ත්වයක් සඳහා සුදුසු වන අතර, නඩත්තුව අවමයි. දිගු කල් පැවැත්ම සහතික කර ඇති මෙම නිෂ්පාදනය හිරු එළිය බහුල ශ්‍රී ලාංකික දේශගුණික තත්ත්වයට මැනවින් ගැළපෙන පරිසර හිතකාමී තිරසාර ප්‍රවේශයක්.”‍

595



අදහස් (1)

හේලීස් සෝලා වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප

D. C.GUNASEKARA Wednesday, 06 December 2023 08:09 AM

මේවායේ මිල ගනන් කොහොමද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 932 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1012 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 403 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site