(දයාරත්න ඇඹෝගම)

හෙරොයින් වර්ගයේ මත්කුඩු සන්තකයයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පුල්ලේයාර් හන්දිය ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ,කුරැන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සෙවය කරන 36 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා මත්කුඩු ජාවාරමේ නිරතවන බවට ලද තොරතුරක් මත අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.