
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ සැලගම හුලංගල නැරඹිම සදහා පැමිණි තරුණයෙක් ඊයේ (16) හුලංගල කන්දෙන් පහලට ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි.
මියගිය තරුණයා කොළඹ 05 දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ බිනර පබසර නැමති අවුරුදු 22ක අයෙකු බවද පොලිසිය කියයි.
සිද්ධිය පිළිබදව මහවෙල පොලිසියට ලැබුණූ පැමිණීල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවත් හුලංගල කන්දෙන් පහලට ඇදවැටුණු තරුණයාගේ මළ සිරුර බිසෝ ඇල්ල ප්‍රදේශයේදි සොයා ගෙන ඇති බවද පොලිසිය කියයි.
මියගිය තරුණයා ඇතුලු මිතුරන් කිහිපදෙනෙකු සමඟ හුලංගල කන්ද නැරඹිමට ගොස් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව මුලික විමර්ශනවලදි අනාවරණය වි ඇති බව පොලිසිය කියයි.
COMMENTS
අඩමානයක් නැහැ. පල්ලම ළඟ සෙල්ෆි ගහන්න යන්න ඇති...