(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිතුමා නිතර නිතර ඇවිත් මන්ත්‍රීවරුන්ට විහිළු කරන්නේ ඇත්ත ප්‍රශ්න අමතක කිරීමට බව සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිට්ලර්ට අන්දල ගෙනාපු පුද්ගලයාට යන්න වුණේ චාලි චැප්ලින් වෙලා බව කී තුෂාර ඉඳුනිල් මහතා රනිල් වික්‍රමසිංහ එදා චාලි චැප්ලින් කරපු කණ්ඩායම විසින් ම අද ඔහු නැවත හිට්ලර්ට අන්දන්න හදන බව කීය.
පොලිස් කොමිසමේ සභාපතිවරයා පසුගිය දිනක පොලිසියේ කොන්ද කැඩු බවද මුළු පොලිසියේම නිල ඇඳුම් ටික පොලිසියෙන් ගලවාගෙන ගිහින් කටුනායක දී බැසිල් රාජපක්ෂ මහතාට ගෞරව සමාචාර කළ බව ද ඉඳුනිල් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd