IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රි රංගා අත්අඩංගුවට

(මනෝප්‍රිය ගුණසේකර, සිතුම් චතුරංග සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)

රිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රිරංගා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී කොහුවල පොලිසියේ නිලධාරීන්  විසින් අද (17) අත්අඩංගුවට ගන්නා ලදී.

නඩුවේ විත්තිකාර ජේ.ශ්‍රිරංගා මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් වවුනියාව (මන්නාරම) මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නිකුත් කළ වරෙන්තුවකට අනුව කොහුවල පොලිසියේ නිලධාරීන්  කණ්ඩායමක් විසින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

රෝගී තත්වයක් හේතූවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජේ.ශ්‍රිරංගා මහතා අධධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී  රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ජේ.ශ්‍රිරංගා මහතා නඩු විභාගයට ඉදිරිපත් නොවීම සහ නඩුවේ සාක්කිකරුවකු බියවද්දා ඔහුට තර්ජනය කළැයි කියමින් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලු විනිසුරුවරයා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කළේය.

2011 මාර්තු 30 වැනිදා වව්ුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකගේ මරණය සිදු කෙට සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරය විසින් ජේ.ශ්‍රී රංගා මහතාට එරෙහිව වවුනියාව මහාධිකරණයේ නඩු පවරන ලදී.

මෙම නඩුවකට අදාලව සාක්ෂි ලබාදුන් දෙදෙනකුට විත්තිකාර ජේ.ශ්‍රිරංගා මහතා විසින් දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කොට ඇති බවටත් පසුව සාක්ෂිකරුවන් වෑන් රථයක නංවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට බලපෑම් කළ බවටත් ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.

ඒ අනුව ඔහු වහාම අතත්අඩංගුවට ගන්නා ලෙස නියයම කරමින් මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේය.

ඒ වන විට රෝගී තත්වයක් හේතූවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටි ජේ.ශ්‍රිරංගා මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.



අදහස් (2)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රි රංගා අත්අඩංගුවට

Lalla Saturday, 18 March 2023 10:08 AM

සිංහල, දෙමළ වෙනසක් නෑ. දේශපාලන උණ කාගේත් එකවගේ ජනප්‍රිය චරිත බලුවෙන හැටි...!

:       0       10

Hafeel Saturday, 18 March 2023 04:12 PM

ඔහු මාධ්‍ය වෙදියක් වුණාට, ඔහු ළඟ තියන්නේ දේශපාලුවන්ට තියන නරක ගති ගුණය තමයි. ඒ නිසානේ අධිකරණයේ මගහැරවීම, බොරුවට ලෙඩ වෙමින් රෝහල් ගත වුණා.. සාක්ෂිකරුවන් බියවැද්ද වීම. හැබැයි දේශපාලන සංවාදවලදී ඔහු ප්‍රශ්න අහන විදියට, ඔහු වගේ පිරිසිදු චරිතයක් මේ ලෝකේ නැහැ වගේ. එම මාධ්‍ය ආයතනයටත් හොඳ නැහැ මෙයාව තියන් ඉන්න එක...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site