
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම මාවත නිල නිවස පිටුපස පිහිටි යුද හමුදා භටයන් රැදී සිටි ගොඩනැගිල්ලේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කර තිබේ.
එම නිවසේ ජල බිල්පත රුපියල් ලක්‍ෂ තුනකට අධික මුදලක් එකතු වී තිබූ බවත් බිල නොගෙවීම හේතුවෙන් මෙසේ සැපයුම විසන්ධි කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාට සපයා තිබූ යුද හමුදා ආරක්‍ෂාව පසුගියදා ඉවත්කිරීම නිසා එම ගොඩනැගිල්ලේ කිසිවකු මේ වන විට රැදී නොමැති බවත් දැනගන්නට තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට හෝ ඒ මහතාගේ කාර්ය මණ්ඩලයට කිසිඳු දැනුම්දීමක් නොකර මෙසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවත් එහි බිල්පත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙවීම සාමාන්‍ය තත්වය බවත්ය.
ජනාධිපති ලේකම් කාර්යාලය බිල ගෙවීම නොකර සැපයුම විසන්ධි කර ඇති බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
රටම හොරාකාලා විනාස කරපු අයට ජල බිල්පත ගෙවන්න බැරිකමක් නැහැනේ?
එව්ව නම් පාහර වැඩ හොඳේ. රජයට වැඩක් කර ගන්න බෑ, සැලැස්මක් නෑ, තේරෙන්නෙ නෑ කියලා වැඩක් කරපු මිනිස්සුන්ගෙන් පලි ගන්න ලෑස්ති වෙන්න එපා. දැන්වත් කීපදෙනෙක් එකතු කරගෙන සැලැස්මක් හදලා වැඩක් කරන්න. නැත්තන් අපරාදෙ රටේ මිනිස්සුන්ගේ අවුරුදු 5ක් නිකන් විනාශ වෙනවා.
ආරක්ෂාව ගැන නේ පොහොට්ටු ලේකමුයි පුතාලයි කතාකරන්නේ. ඉතින් අර නාවික හමුදාවේම නවාතැන් පොලක දෙන්නා නතර කලානම් ඉවරයි. සියලුම වියදම් අඩු කල හැකියි.
සාගර කියන ගොනා මහ කාලකන්නියෙක්. වතුර කපන්න දැනුම් දෙන්න. ඇයි උබලට එවන බිල කෝ හොරා කන්න විතරයි දන්නෙ. බිල් පේන්නෙ නැහැ. කජු ඇට කොස් ඇට වගේ . කියන්නේ ජනාදිපති කාර්‍යාලයෙන් ගෙවයි ඔය නම වෙනස් කරන්න. අසරන දුගී ජනතාවගෙන් . පින් ගොන්නුන්ට සලකන කාර්යාලය කියන්න. ජනාදිපති කාර්යාල ජනාදිපති අරමුදල්. මේවා හොරුන්ට පමනයි. මුන්ව තව කාලයක් තියන් හිටියානම්. ජනතාවට. හිටගන මැරෙන්න වෙන්නෙ දැනටත් එහෙම වෙනවා අසරන පවුල් වල තියෙන ප්‍ර්ශ්න වලට. මුන්ට හෙන හත වැදිලත් මදි
ලිදක් කපා ගනිල්ලා.
එතකොට මූට ඉන්න ගෙවල් 2ක්.. යකෝ එතකොට අපි ඉන්නෙ මහ මුහුදෙද? අහන්න දෙයක් යැ රට ණය වෙන එක..
හොරා කෑව හොරා කෑව කිය කිය ඉන්නේ නැතුව හොරා කෑවා නම් හොයලා දඩුවම් කරා නම් හරිනේ. ඔහෙල ගෙනාපු කයි ආණ්ඩුව මිසක් මහින්දගේ ආණ්ඩුව නෙමෙයිනේ දැන් තියෙන්නේ.
හා දැන් වතුරත් නිකංද ඉල්ලන්නේ…?
ගෝටා නම් කතරගම අනවසර ගෙදරට ජී රාජපක්ෂ නමින් වතුර බිල් ගෙවලා තියෙනවා….
වතුර නැතුව වැසිකිළියට යන්නේ කොහොමද….? විශාල ප්‍රශ්ණයක් වුනානෙ මේක….
විජේරාම මාවතේ පාරේ ටැප් එකක් නැද්ද දරුවෙක් යවලා වතුර බාල්දියක් ගෙන්නා ගන්න…
අම්මපා, ලක්ෂ 4ක් පනිනතුරු වතුර දුන්නාට ජල සම්පාදනයට නඩු පැවරිය යුතුයි.
මහින්ද නිල නිවාසයේ ලයිට් සහ වතුර බිල මාසෙකට ලක්ෂ 10 පනිනවා ඇති. වර්ග අඩි 30500 (පර්චස් 112) ගෙදර වායුසමීකරන වලට වලට විතරක් රුපියල් ලක්ෂ 10 විතර යනවා ඇති. ඒවා ඔක්කෝම ගෙවන්නේ අපේ ටැක්ස් සල්ලි වලින්...
කෝපිකඩේ අප්පුවයි, මහින්දයි මාර වෙනස්...!