IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හල්ලොලුවට වෙඩි තැබූ තවත් සැකකරුවෙක්ගෙන් රහස් ප්‍රකාශයක්

(රෝෂන් තුෂාර)

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවෙක් කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවෙ රහස් ප්‍රකාශයක් අද(06) ලබා දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින්   සැකකරුවන් හයදෙනකු  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර  ගතකර ඇතිි අතර මොහොමඩ් පාරිස් නැමැති සැකකරු මෙසේ රහස් ප්‍රකාශය ලබා දුන්නේය.

මීට පෙරද එක් සැකකරුවකු රහස් ප්‍රකාශයක් ලබා දී තිබිණි.

සමිත මණ්ඩාර, මොහොමඩ් පාරිස් , සුරංගි උදේසිකා , රුවන් තුසිත, මොහොමඩ් සස්නි සහ මොහොමඩ්  සෆ්රා සැකකරුවන් මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරන අතර සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා හා දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අධිකරණය මගින් නියෝග ලබාගෙන ඇත.

සැකකරුවන් ලබන 12වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර ඊයේ රහස් ප්‍රකාශය ලබා දුන් සැකකරුද යළි එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (1)

හල්ලොලුවට වෙඩි තැබූ තවත් සැකකරුවෙක්ගෙන් රහස් ප්‍රකාශයක්

නිර්මාල් Saturday, 07 June 2025 02:57 PM

වෙඩි තියපු එකත් රිමාන්ඩ්, වෙඩි කාපු එකත් රිමාන්ඩ්. අයි ඒ දන්නේ නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13596 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11016 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1021 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site