(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ව්‍යාජ මුදල් නෝට්ටු තිස් හතරක් සමග පාසල් සිසුවකු සහ තරුණයකු මන්නාරම, මුත්තූර් හන්දියේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා ළඟ රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු දහයක් ද රුපියල් 500 ව්‍යාජ නෝට්ටු නවයක් ද, පාසල් සිසුවා ළඟ රුපියල් පන්සීයේ නෝට්ටු 15 ද තිබී සොයා ගත් බව විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචි අය වෙති.
මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ලැබුණු ආකාරය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හොර සල්ලි සමග පාසල් සිසුවෙක්, තරුණයෙක් මාට්ටු