(ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි 3 ක් වටිනා ඉඩමක් කූඨ ලේඛන සාදා එම ඉඩම පවරාගත් බව කියන නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස්වරයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 67 ක් වන නුගේගොඩ, තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පස්යාල, එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ කූඨ ලේඛන සකස් කර එම ඉඩම පවරා ගෙන ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හොර ඔප්පු සිද්ධියකට නොතාරිස්ට මාංචු