IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


හෙරොයින් ප්‍රවාහනය කළ ඉරාන ජාතිකයෝ 9 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමට නාවික හමුදාවේ සහාය ලබාගත් බව ලතීෆ් මහතා පැවසීය.

එම යාත්‍රාව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් විසින් වට කිරිමත් සමඟ එහි තිබූ මත්කුඩු කිලෝ 500 කට අධික ප්‍රමාණයක් මුහුදට දමා ඇතැයි ලතීෆ් මහතා පැවසිය.

ඇෆ්ගනිස්ථානයේ සිට මෙම හොරොයින් තොගය ලංකාවට ප්‍රවාහනය කර තිබේ.

යාත්‍රාව පකිස්තාන ජාතික මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකුට අයත් එකක් බවට මුලික විමර්ශන වලදී හෙළි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පවසයි.

මේ වන විට ඩුබායිහි බන්ධනාගාර ගත කර සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මෙරටට හෙරොයින් ප්‍රවාහනයට යොදා ගෙන ඇත්තේ මෙම සැපයුම්කරු බව ද අනාවරණය වී තිබේ.

 ( ඡායාරූප- රොමේෂ් ධනුෂ්ක සිල්වා) 



අදහස් (10)

හෙරොයින් ප්‍රවාහනය කළ ඉරාන ජාතිකයෝ 9 ක් අත්අඩංගුවට

anula Sunday, 24 March 2019 05:26 AM

ඉරාන වලනම් මේ අයට මරණ දඬුවම

:       0       116

Perakum Sunday, 24 March 2019 05:55 AM

ශ්‍රී ලංකා රජය මෙවැනි වරද කරුවන්ට ප්‍රමාණවත් දඬුවම් නොදෙන බැවින් කුඩු ජාවාරම මහා පරිමාණයෙන් සිදුවීම වැළැක්විය නොහැක. මේ පිලිබඳ ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමුකොට උපරිම දඬුවම් දීමට ක්‍රියා කළයුතුය.

:       1       213

ධනුෂ්කSunday, 24 March 2019 03:54 PM

කිලෝ 500ක් මුහුදට දැම්මලු එ්කත් හොඳයි එක අතකට. නැත්තම් ඔව්වා රට අැතුලට අල්ලගෙන අාවම පස්සේ වෙන දෙයක් නෑනේ. නඩු දාන්න අල්ලපු ටික හොඳටම අැති.

:       0       27

Jehaan Sunday, 24 March 2019 07:03 AM

දැන් මේගොල්ලන්ගේත් පුංචි අම්මලා අභියාචනා කරගෙන ඒවිද දන්නේ නැහැ. මුළු රටම දැන් පුංචි අම්මලාගේ අතේද කොහෙද ?

:       2       146

kule Sunday, 24 March 2019 09:01 AM

ආණ්ඩුවට කුඩු නඩු දිනපතාම අහන්න වෙනම මහාධිකරණයක් ඇතිකරන්න වෙනවා.

:       0       22

smn Sunday, 24 March 2019 11:51 AM

අපේ රටේ මේ දවස්වල හතර වටේ කුඩුකාරයින් අල්ලන බව දැන දැනම මොන හයියකින්ද මේ අය මේ විදිහට රටතුලට කුඩු ගෙනෙන්නේ? තව… අහු නොවෙන කුඩු තොග කොච්චරවත් ඇත්ද? අම්මප මොනවද මේ වෙන්නේ?

:       0       72

rohana kumara mendis Sunday, 24 March 2019 12:48 PM

මහඅයම තමයි කුඩු ගෙන්වන්නේ, විකුනන්නේ... එ්කනේ කුඩු නායකයින්ව බේරාගෙන තියාගෙන ඉන්නේ. ඒ මිනිස්සු අහිංසකයි..

:       0       39

ජයා - දෝහා Sunday, 24 March 2019 01:32 PM

මේ සැකකරුවන්ගේ ඇස් වහල ඇයි? ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙකු ඇතුළු කට්ටිය ඩුබායි වලදී අහු වුනවෙලාවේ ඔක්කොම මාධ්‍ය ඒ ඡායාරූප ඒ විදියටම පලකලා. කාගේවත් ඇස් වැහුවේ නැ. ඒ වගේම මේ දවස්වල විවිධ අපරාධවලට අහුවෙන සැකකරුවන්ගේ නම් මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරනවා. මේ අය ඉරාන ජාතිකයන්. විදෙස් රටකදී අපරාධයට අහුවුනොත් මුහුණේ පැහැදිලි ඡායාරූප අරගෙන මාධ්‍යයට දෙනවා.

:       1       58

Ariyathilaka Sunday, 24 March 2019 01:55 PM

නෙව දුට්ඨො නයො අත්ථි - න ධම්මො න සුභාසිතං, නික්කමං දුට්ඨෙ යුංඤ්ජථ- සොච සබ්භි න රඤ්ජති.” යනුවෙන් බුදුරදුන් විසින් ජාතක පාලියෙහි වදාරන ලදහ. (අට්ඨක නිපාත දීපි ජාතකය.) දුෂ්ඨයාට කාරණයක්නැත. ධර්මයක් නැත. යහපත් වචනයක් නැත. කාරණා කාරණ කීමෙන් හෝ, ධර්මය දැක්වීමෙන් හෝ හොඳින් කථා කිරීමෙන් හෝ ඔහුගෙන් ගැලවිය නොහැක. යහපත ඔහුට රුචි නැත. ඔහු කෙරෙහි පරාක්‍රමය යෙදිය යුතුය. හෙවත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමෙන් දුෂ්ඨයාට පලක් නැත. බලය යොදා යටපත් කළ යුතුය.

:       0       367

sarathMonday, 25 March 2019 01:46 AM

ලංකාවේ දඬුවම් නැති නිසා හැමෝගෙම සෙල්ලම් මඩුවක් බවට පත්වෙලා. මේ කුඩු NGO සෙට් එකටයි, කුඩු ගෙන්වන අමතිලාටයි, මදුෂ්ගේ ගෝලයන්ටයි පොවන්න ඕනේ. පුංචි අම්මටත් එක්ක...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14046 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site