
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එසේ දිවුරුම් දුන්නාය.
හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැතිනිය ලෙස ඉතිහාසයට එකතු වූවාය.
පසුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත විද්‍යා හා තාක්‍ෂණ, සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ මීට පෙර සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රිලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පත්වු සුපිරිතම අගමැතිනිය ලෙස ඇය ඉතිහාසගත වනු ඇත. ශ්‍රිලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යයවරියට උණුසුම සුබ පැතුම් !
ජයවේවා
සුභ පැතුම් ඔබ තුමියට .ජනාධිපතිතුමාටයි මාලිමා කණ්ඩායමටයි .ශ්‍රීලාංකික ජනතාවගේ නියම ජයග්‍රහණයක් මෙය
මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලාංකික ඉතිහාසයේ බමුණු කුලය හෙවත් වලව් පැලැන්තියෙන් අගමැතිනියක් පත්වීම ලෝක ඉතිහාසයට එක් වුණා. 2024 වසර යළිත් වරක් බමුණු කුලය කඩා බිඳ දමා පොදු ජනයා අතරින් අගමැතිවරියක් රටට බිහිවිම රටේ ඉතිහාසය අලුත් කිරිමක් වෙනවා.. එයාගෙන් රට විශාල බලාපොරොත්තු තබා සිටින මේ මොහොතේ අපිඔබතුමියට ආයෙත් සුබ පතනවා
තුන්වැනි සහ බුද්ධිමත්ම අගමැතිවරිය සුබ පැතුම් ඔබතුමියට... කාන්තා නියෝජනයක් ජයවේවා
මැතිවරණයට පෙර සහ මැතිවරණ ප්‍රකාශනවල මොන කය්වාරු ගැසුවත්, අගමැතිනිය පෙනී සිටින "නිරාගමික" සහ ලිබරල්වාදයටත් එහා ගිය "වොකසිම්" ව්‍යාපෘතියෙන් බැහැරව දැන් ජනාධිපතිවරයා අනුගමනය කරන ලෙසටම, මෙරටේ ප්‍රධාන ආගමට සහ සංස්කෘතියට නිසි තැන ලබා දීමට කටයුතු කරන්න.
රටට අපි සැමට සුවෙන් පිරි සොදුරු රටක් නිර්මාණය වේවා... තෙරුවන් බලයෙන් සෑම කටයුත්තක්ම අති සාර්ථක වේවා...
නියමයි... සුබ පැතුම්
සුභ පැතුම්. හොඳටම සුදුසුයි
වෛද්‍ය හරිනි මැතිනියනි, මෙම දූෂණ සංස්කෘතිය මුලිනුපුටා දමා යුක්තිය, සාමය සහ අභිමානය ඇති කාල පරිච්ඡේදයක් උදා කිරීමට ඔබට ධෛර්යය සහ නිර්භීතකම ලැබේවා
ඔබට සුභ පැතුම්
විශිෂ්ට තේරීමක් සහ මහ මැතිවරණය සඳහා වැඩි ඡන්ද.
ජාජබ නොලැබුණු උතුරු නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ තත්වය දැඩි සැළකිල්ලට ගන්න
ඉතාම හොඳ පුවතක් සුබ පැතුම්
ඔබතුමියට උණුසුම් සුබපැතුම්...!
මෙතරම් අමාත්‍යාංශ ප්‍රමාණයක වගකීම් ලැබුණා ලංකාවේ ප්‍රථම අගමැතිණියට සියලු ශක්තිය හා හැකියාව ලැබේවා...
හොඳයි...!
සුභ පැතුම් තෙරුවන් සරණින් සියළු වැඩ කටයුතු සාර්ථක වේවා
නව අග්‍රාමාත්‍ය තුමියට උණුසුම් සුබ පැතුම් .
ශ්රී ලංකාව නව දිශානතියක් කරා යොමුකරන මේ මොහොතෙදි , ඔබ කෙරෙහි පැවරී ඇති වගකීම අප පැතූ ආකාරයෙන්ම ඉටු කිරීමට ඔබ තුමියට දිරිය, ශක්තිය , හැකියාව මෙන්ම දෙවියන්ගේ ආශිර්වාදය , උතුම්වූ දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා !!! අපේ රට මේ ලොව ඇති වාසනාවන්තම , නිරෝගිමත් නිදහස් ජනතාවක් දිවි ගෙවන, ධනවත් , කීර්තිමත්, සියල්ලන්ගේම ආශිර්වාදය ලබන " නිදහස් " රටක් වේවා !!!
පිං අගමැතිනිය, හිටපු පිං ජනාධිපති, දෙදෙනාම... කතා විතරයි.
සුබ පැතුම් ඔබතුමියට
එකපාරටම unlike ගොඩක් එන එක විහිළුවක්. මට හිතාගන්න පුළුවන් computer lab ඉන්න කොල්ලෝ රොත්තක් සමාජ මාධ්‍යවල අනුරට පහර දෙන එක විතරයි. කොච්චර ගෙවනවාද? දවසකට රුපියල් 2000ක්?
සුබ පැතුම් අගමැතිතුමියනි....
සුබ පැතුම්... අපේ බුද්ධාගම සහ ආගම සංස්කෘතිය ආරක්ෂා වේවා...
මැක්ස්, මැතිවරණයට පෙර තමුන්නැහැලාගේ නායකයෝ වේදිකාවල මොන බිල්ලො මැව්වත් ජනතාව පිළිගත්තේ නැහැ, මේ පොදු ජන ජයග්‍රහණය හෑල්ලු කරන්න තමුන්ලාවගේ දහසක් ආවත් බැහැ. උතුරු නැගෙනහිර වතුකරයේ දෙමළ මුස්ලිම් ජනතාව කත්තඩි කල්ලිකාර පක්ෂ වලින් බේරාගෙන නිවහල්ව සිතන දාට තමුන්ලගේ ඡන්ද වෙන්දේසි ඉවරයි. ඒක අපි කරනවා. දැන් කට පියාගෙන මේ ජයග්‍රහණය විඳින්න. ජනතාවට එහි ආස්වාදය ලබන්න දෙන්න බොරු විකාර හීතලු මවන්නෙ නැතිව