IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොරණ නිවසක ඝාතනයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ හොරණ චමිලා අල්විස්) 

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටින නිවසකට අද (11) අලුයම මුහුණු ආවරණය කරගෙන ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එක් සහෝදරියකට නිවසේ ඇඳ මතදි තියුණු ආයුධයකින් පහරදී  ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හොරණ මීවනපලාන සිරිල්ටන් වත්ත පදිංචි  උඩ කන්දගේ රමණී සකුන්තලා 58 හැවිරිදි කාන්තාවකි.

 ඝාතනයට ලක් වූ කාන්තාව බංගලාදේශ ජාතිකයෙකු  සමග විවාහ වී සිටින අතර ඔහු එරට පදිංචිව සිටින බවත් ඇය බාල සහෝදරිය සමඟ මෙම නිවසේ ගත කරන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

 ඉංගිරිය හල්වතුර ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් වන බාල සහෝදරියද මීට සති තුනකට පමණ ඉහතදී මෙම නිවසට පැමිණි නවාතැන්  ගෙන ඇති අතර පෙරේදා (10 ) රාත්‍රී ඔවුන් දෙදෙනා  දොරවල් වසා නින්දට ගොස් ඇති බව නැගණියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි

ඝාතනයට ලක් වූ කාන්තාව නිවසේ කාමරයක  ඇයගේ නැගණිය මුළුතැන් ගෙයි ආසන්නයේ කාමරයක බිම නින්දට ගොස් තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

හොරණ නිවසක ඝාතනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site