IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


හිරුණිකාට එරෙහි නඩුවේ විභාගයට දින නියම වෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන නොවැම්බර් 23 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (10) නියම කළාය.

මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් නිකුත් කොට තිබූ සිතාසියකට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

සිද්ධිය වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනෙකු මෙන්ම ලේඛන කිහිපයක්ද ඉදිරිපත් කිරීමට  බලාපොරොත්තු වන බවද නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ  ආරක්‍ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12 කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමටද ඔවුන්ට  නියම කෙරිණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර මෙම නඩුව වරද පිළිගැනීමකින් තොරව අවසන් කරගැනීමට කැමති බව මීට පෙර අවස්ථාවකදී ඇය අධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකාරියට එරෙහි නඩුව ලබන නොවැම්බර් 23 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් පැමිණිල්ලේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කළාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

 



අදහස් (9)

හිරුණිකාට එරෙහි නඩුවේ විභාගයට දින නියම වෙයි

Gurami Saturday, 11 July 2020 02:32 AM

එන්නේ නම් සිල් අරන් වගේ.. වැඩේ තමයි. තාත්තා වගේමයි.

:       0       0

Rohana Saturday, 11 July 2020 02:54 AM

මැතිවරණයක් පෙනි පෙනී මේ නඩුව කලඑළි බැස්සේ ඇයි? මීට කලින් නඩුව අසන්නට බැරිවුනේ මොකද?

:       0       0

jayasekara Saturday, 11 July 2020 03:57 AM

බලන්න අපේ හැදියාව..!!!

:       0       0

rambo07 Saturday, 11 July 2020 04:32 AM

නීතිය හරි, වැරැදි ගැන දැනීමක් නැතිවුණාට වෙන දේවල් ගැන නම් හොඳට දන්නවා. කෝටි 25ක වන්දියකුයි, අවුරුදු 25ක හිරදඬුවමකුයි දුන්නානම්... ඒ ආණ්ඩුවට අපි ඡන්දෙ දෙනවා.

:       89       216

NishanSaturday, 11 July 2020 07:08 AM

මේ සැරේ ඡන්දේ දෙන්න දහස් ගාණක් මැරුවා කියලා පාපෝච්චාරණය කළ අයව ඇමතිලා කරන්න..

:       261       152

GayanSaturday, 11 July 2020 07:59 AM

වෙන්නේ කුමක්ද කියා කවුරුත් දන්නවා...

:       2       10

Nihal Saturday, 11 July 2020 08:10 AM

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සැමට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       65

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 11 July 2020 10:09 AM

හිරුණිකා කළ දේට අනිවාර්යෙන්ම ඇයට දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒකේ කිසිම විවාදයක් නැහැ. එහෙත් කරුණා අම්මාන්ට.. කරුණා අම්මාන්ගේ ප්‍රශ්නය අලියකු නම් හිරුණිකාගේ මේ ප්‍රශ්නය බොහොම පොඩියි.

:       0       0

Bandara Saturday, 11 July 2020 07:25 PM

මෙයාව මේ පාර ගෙදර යවමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 609 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 816 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site