(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබාදී තිබු කොළඹ නිල නිවෙස ඇය වසර 30කට පසු රජයට පසුගිය 31 වැනිදා සිකුරාදා බාර දුන්නාය.
සෑම හිටපු ජනපතිවරයකුටම ව්‍යවස්ථානුකූලව නිල නිවෙසක් හිමිවන අතර හිටපු ජනාධිපතිවරයකු මිය යෑමෙන් අනතුරුව එම නිවෙස ඔහුගේ බිරිඳට පාවිච්චි කිරීමට අයිතිය හිමිවෙයි. මේ අනුව ප්‍රේමදාස මහත්මියටද ඒ පදනම අනුව රජයෙන් නිල නිවෙසක් හිමිව තිබිණ. එහෙත් ඇය මෙම නිවෙස පාවිච්චි කර නොතිබූ අතර ප්‍රේමදාස මහත්මිය පදිංචිව සිටියේ ඇයගේ පෞද්ගලික නිවෙසේය.
මේ අනුව ඇය නිල නිවෙස රජයට නැවත බාර දුන් බව සමගි ජන බලවේග පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර හේමා ප්‍රේමදාස මහත්මිය රජයේ නිල නිවෙසක් ලබා ගැනීම ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීහු පසුගිය දිනවල දැඩි ලෙස විවේචනය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමා වසර 30කට පසු (1993 - 2023) නිල නිවෙස රජයට බාරදී, සමගි ජන බලවේග පක්ෂය ලකුණු දමාගැනීමේ උත්සාහයක
ආ වසර තිහක් නිකන් පාවිච්චි නොකර තිබ්බද?හෙනගහන අපරාධයක් නේද ?නඩත්තු වියදම් ගෙවුවේ ?
හැමෝම මිනිස්සු ,චන්ද දායකයන් හැර
දේශපාලුවන් රාජ්‍ය නිලධරීන් තමතමන්ටම හැන්දෙන් බෙදාගන්නා න්‍යාය තවදුරටත් ඉදිරියට ගානයා නොහැකි කාලය එලඹ ඇත. සැබෑ වෙනසක් සිදුවිය යුතුය.
අද අප්‍රේල් 1 වැනිදා... ලෝක බොරු කියන දවස...
පාවිච්චි කලේ නැත්නම් අවුරුදු 30ක් මොකටද තියාගෙන හිටියේ?
ජවිපෙට බලය ලැබෙන්නත් පෙර, ඒගොල්ලො කියපු දේවල් වලට අනිත් අයගෙන් ප්‍රතිචාර හම්බෙනව. ජාතික ජන බලවේගයට ජයවේවා ඒගොල්ලො ඕක කිව්වෙ නැත්තම් ජීවිතේට ඔය ගෙදර රජයට හම්බෙන්නෙ නෑනෙ. ජවිපෙට බලය හම්බෙන්න කලින් මෙහෙම නම් හම්බුනාම මිනිස්සු කොච්චර වෙනස් වෙයිද? අපිට වෙන්න ඕනෙ මේ වගේ දේවට දේශපාලකයා මිනිස්සුන්ට ආදර්ශමත් වෙන්න ඕනෙ
අවුරුදු 31කට පස්සේ බාරදීලා තියෙන්නේ පුතාණෝගේ ඉදිරි ගමනට ඕක බාධාවක් නිසා වෙන්න ඇති....
පරන ටයර්.. එහෙම තිබුනද? දන්නෙ නැහැ නේද?
එම නිවස පඩිංචියට ගත්තෙ නැතිනම් මෙපමන කාලයක් තියාගෙන හිටිය එකනම් මහ අපරාදයක්.
එතුමිය එය පාවිච්චි කලේ නැතිනම් ඇයි ඔය තරම් සජිත්ට මඩ ගහන්නෙ ජනතා විමුක්ති පෙරමුන තරම් කපටි රැලක් කොහෙවත් නැහැ. අනිවාර්යෙන්ම පොහොට්ටුවට වඩා හපන් වෙනව ඔය අය මම කියු දේවල් වැරඩිල නැැ JVP එකේ අය කරෙත් වාහන පර්මිට් අරන් එවා විකුනල පක්සයෙ අරමුදලට සල්ලි දාපු එක නේ පඩි දීමනා අරගෙන පක්ශයෙ අරමුදලට දාගත්ත එකනෙ. ඉතින් මොකක්ද වෙනස
කෝටි ගණන් අපරාධ කරපු, හොරකම් කරපු ජීවතුන් අතර ඉන්න ජනාධිපතිලා, අගමැතිලා ගැන නෙවෙයි අමාරුව... රට වෙනුවෙන් දිවිදීපු හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ බිරිඳ ගැනයි ඔයතරම් අමාරුව... විජේවීර මැරුණාම පවුල බලාගත්තේ ජවිපයද? බයිලා ගහන්න ජවිපය කවදත් දක්ෂයි...
ඉතාම හොද ආදර්ශයක්..ඔය රට දාල ගිය නන්දසේනත් ඉන්නෙ රජය නිල නිවාසක තමයි.
අවුරුදු 30ක් ඉන්න වුණා ගේ බාරදෙන්න...
හේ...මාාා.... ඔයා.... !
රජයෙන්ම නිවසක් දෙන්න හේතුවක් වෙන්නෙ ජනාධිපති විශ්‍රාම ගියාම එතෙක් ඔහුට හෝ ඇයට අයිතිව තිබුන සියලු දේපළ රාජසංතක වෙනවාද නැත්නම් රාජසංතක කරනවාද මේ නීති වහාම වෙනස් කරන්න ඕන
ග්‍රාමසිරි කවද්ද එයාගේ මන්දිරය බාරදෙන්නේ? රජයේ දේපළ එක එකාට ඕනෑ විදිහට තෑගි දෙන්න සහ ලබාගැනීම තහනම්...! මේවා අයිතිය ජනතාවට පමණයි..!
අපේ යුගේ මම මන්ද්‍රි දේවී.....///
අනික් සියලු දෙනාම නිවාස හා රජයෙන් ගන්නා වරදාර සියල්ලම නැවත රජයට දුන්නා නම් මේ ආර්ථික අර්බුදයට ලොකු සහනයක් වේවි...!