
(විමුක්ති එස් රුද්‍රිගු)
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීම සඳහා ඉස්ලාමීය ආරක්ෂක බළකායේ නාවික හමුදාව සිතියමක් හඳුවන්වා දී තිබේ. ඉරාන නාවික හමුදාව හොමුස් සමුද්‍ර සන්ධියේ අටවා ඇති මුහුදු බෝම්බ මගහැර යාත්‍රා කිරීම සඳහා මෙම සිතියම භාවිතයට ගත හැකි බව ඉස්ලාමීය ආරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත.
කෙසේ ඉරාන මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ තවමත් හෝමුස් සමුද්‍ර සන්ධිය තෙල් ප්‍රවාහන නෞකා සඳහා සම්පූර්ණයෙන් විවෘත කර ඇත්දැයි පැහැදිලි නොමැති බවයි. ඇතැම් ඉරාන මාධ්‍ය වාර්තා කර සිටියේ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසාදමා ඇති බවත් තෙල් ප්‍රවාහන නෞකාව ආපසු හරවා ඇති බවත්ය.
නමුත් ඇතැම් ඉරාන මාධ්‍ය වාර්තා කර සිටියේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සමග සම්බන්ධීකරණයෙන් නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට හැකියාව තිබෙන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයකදී මුලින්ම මිය යන්නේ සත්‍යයයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානයට සෘජුවම අයත් මුහුදු සීමාවද කියා ජ්‍යාත්‍යන්තර සාගර විශේෂඥයින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සමුළුවකදී තීරණය කළ යුතුයි. ඉන්පසුව එය ගොලීය සාගර කලාප සිතියමකට ඇතුළත් කර නීතිගත කර ජාත්‍යන්තර වෙළඳ නෞකා, ඉන්ධන නෞකා වලට නිදහසේ සහ ආරක්ශිත මුහුදු මාර්ගයක් ලෙස නම් කරා නම් ඉරාන, යේමනයේ හුති, ලෙබනනයේ හෙස්බල්ලා වැනි මුහුදු මංකොල්ලාකරුවන්ගේ අණසකට යටත් නොවී, කප්පම් ගැනීම් වලින් තොරව යාත්‍රා කිරීමේ නිදහස සලසා දීමට මහගු පිටිවහලක් වනු ඇත. ඔවුන් එතැනින් නතර නොවේ නම්, බර අවි, ටොර්පිඩෝ වැනි දෑ පාවිච්චි කරන්න කාලය උදා කර ගත හැකියි..