IMG-LOGO

හිමාලය පාමුල ඉන්දීය නගරයක් ගිලා බහිනවා

ඉන්දියාවේ, උත්තරකාන්ද් පළාතේ, ජෝෂිමාත් නමැති කුඩා නගරය ගිලා බැසීමට පටන්ගෙන ඇති බවත්, නගර වැසියන් නගරයෙන් ඉවත් කිරීම ආරම්භ වී ඇති බවත් වාර්තා වේ.

ජෝෂිමාත් යනු වන්දනාකරුවන් අතරේ ජනප්‍රිය කුඩා නගරයකි. උත්තරකාන්ද් බලධාරීන් උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය පවසා ඇත්තේ නගරයේ නිවාස 600 කට වැඩි ගණනක සහ ගොඩනැගිලිවල දහසකට ආසන්න ගණනක දරුණු ලෙස ඉරි තැලීම් දකින්න ලැබෙන බවය.

නගරයට දිවෙන සියලු මාර්ග ඉරි තැලීම්වලට ලක් වී අබලන් තත්ත්වයේ පසුවෙයි.

ජෝෂිමාත් නගරය ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 1,899 ක් ඉහළිනි. මෙම නගරය වඩාත් ප්‍රසිද්ධ හිමාල අඩවියට නන්දෙසින් පැමිණෙන හින්දු සහ ශීක් බැතිමතුන් අතරේය.

නගරය ගිලා බැසීම ආරම්භ වී ඇතැයි සැලවුණු සැණින්, ඉන්දීය ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දේශසීමා ආරක්ෂක සෙබළුන් නගරයට යැවූ බව ඉන්දීය මධ්‍යම රජය පවසා තිබේ.

ජෝෂිමාත් නගරයේ ජනගහනය 25,000 කි. නිවාස සහ ගොඩනැගිලිවලින් ඉවත් කෙරුණු පිරිස ප්‍රජාශාලා, පාසල් සහ හෝටල්වල රැඳී සිටින බව වාර්තා වේ.

ජෝෂිමාත් නගරය ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට කිලෝ මීටර් 490 ක් දුරිනි. ඉන්දීය හමුදාවේ විශාල හමුදා කඳවුරක් ද ජෝෂිමාත් නගරය ආසන්නයේ පිහිටා ඇත.

ජෝෂිමාත් නගරය අයත් පළාත මායිම් වන්නේ චීන දේශසීමාවටය. චීනය එම දේශසීමාවේ ඔවුන්ට අයත් ප්‍රදේශයේ ඉදිකිරීම් සහ කැණීම් සිදු කරයි. චීන ඉන්ජිනේරුවන් ජල විදුලි බලාගාරයක් ඉදි කරන බව ද පැවැසෙයි.

මෙම ඉදි කිරීම් කටයුතු හේතුවෙන් තම නගරය ගිලා බැසීමට ලක් වී ඇති බවට ජෝෂිමාත් වැසියෝ චෝදනා නගති.

(එන්.ඩී.ටීවී)



අදහස් (3)

හිමාලය පාමුල ඉන්දීය නගරයක් ගිලා බහිනවා

Perera Tuesday, 10 January 2023 10:55 AM

අපේ මුළු රටම ගිලා බැහැලනෙ.

:       2       4

sharm warn Tuesday, 10 January 2023 11:06 AM

ආ චිනෙ ඉන්නවද අහල පහල.. එහෙනම් ඉතින් ගිලා බැහැලා විතරක් ඉතුරු වුනොත් මදෑ..

:       3       3

Hafeel Tuesday, 10 January 2023 03:48 PM

කෝ අපිට අනවශ්‍ය බලපෑම් කරන ඉන්දියාව, චීනුන්ට බය වෙලා. 1987 දී අපේ ගුවන් සීමාව උල්ලංගනය කරමින් පරිප්පු දාල යුද්ධය දිග්ගසුවා. එදා ඉන්දියාව ලංකාවේ ත්‍රස්තවාදය පෝසත් කළා වගේම, අද ඉන්දියාව අපේ පාලකයෝත් එක්ක රටේ ආර්ථිකය වට්ටන්න බලපෑම් කරනවා. පාස්කු ප්‍රහාරයේ පිටි පස්සෙත් ඉන්දියාව ඉන්නවා. ඒ නිසා චීන හෝ කොව්රු හරි ඉන්දියාව මට්ටු කලයුතුයි .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 64 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 668 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site