(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
හිනිදුම කල්වාරි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත වාර්ෂික උත්සවය මේ වසරේදී බැතිමතුන් ඒකරාශි වීමෙන් තොරව පවත්වන ලෙස ගාල්ල පදවිය භාර රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන් උපදෙස් දුන් බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ මස 24 සිට අප්‍රේල් මස 12 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ හිනිදුම කල්වාරි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත වාර්ෂික උත්සවය මේ වසරේදී පමණක් නවත්වන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලීමක් කළහ.
ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ගාල්ල පදවිය භාර රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන්, කල්වාරි පුදබිම භාර පියතුමන් සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා අතර සාකච්ඡාවක් අද (14) සවස පැවැත්විණි.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියළුම දේවස්ථාන බාර පියතුමන්ලාගෙන් ඉල්ලා ඇත්තේ පවතින තත්වය ගැන සලකා සියළුම දේව මෙහෙයන් මේ මස අගදක්වා නොපවත්වන ලෙසයි.
කෙසේ වෙතත් සාකච්ඡාව අවසානයේදී පැමිණි තීරණය වන්නේ හිනිදුම කල්වාරි දේවස්ථානයේ වාර්ෂික උත්සවය ජනයා ඒකරාශි වීමෙන් තොරව පවත්වන ලෙසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හිනිදුම කල්වාරි දේවස්ථානයේ වාර්ෂික උත්සවය බැතිමතුන් ඒකරාශී වීමෙන් තොරව
chinthaka Sunday, 15 March 2020 04:43 AM
මේ බොරු දේව සංකල්ප වලින් මිදෙන්න දැන්වත් මිනිස්සු ඇත්ත තේරුම් ගත්ත එක හොදයි.
MaheshSunday, 15 March 2020 06:14 AM
ඔව් ඔව් ගස් වලට ගල් වලට වදින අයට එහෙම ඔව් නිදහස් වෙන්න කාලේ හරි වගේ.