
අපි හිතාමතා නොකරන, අපේ අවධානයෙන් ගිලිහෙන පොඩි දේවලින් පවා බොහෝ විට අනතුරු සිදු වේ. විශේෂයෙන් කාන්තාවන් අතර පවා අනතුරු සිදු වීමේ වර්ධනයක් දක්නට ලැබේ. එම අනතුරුවලින් සමහරක් අපේ ඇඳුම් පැළඳුම් හේතුවෙන් සිදු වූ ඒවායි. අපි ගමනකට බිමනකට ලස්සනට ඇඳුම් තෝරා ගත්තද ඒ දේවලින් තමන්ටම අනතුරු වීමට ඇති ඉඩකඩ සේම තවත් පුද්ගලයකු අපහසුතාවට ලක් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව ගැන ඔබ මින් පෙර සිතුවාද? එබැවින් මින් පසුවත් අපේ අත්වැරදීම්වලින් හදිසි අනතුරු සිදු නොවීමට ඉඩ නොතබමු.
අද යුවතියෝ බොහෝ දෙනෙක්ම පාහේ දිගු ගවුම් විලාසිතා ප්‍රිය කරති. එමෙන්ම සාරිවලින් සැරසීමටද ඉතා කැමැතිය. දිගු සාය විලාසිතා
අදටත් ජනප්‍රියයි. මෙම කුමන ඇඳුම ඔබ තෝරා ගත්තද ඔබ බසයකට හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහනයක ගමන් ගන්නවා නම් පඩි පෙළක ගමන් කරන අයකු නම් ඒ ඒ තැනට ඔබින ආරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කළ යුතු වේ.
දිගු ඇඳුමක් හැඳ පඩි පෙළකින් බහිනවා නම් ඔබ ඒ ඇඳුම දෙපැත්තට විසිරීමට ඉඩ නොදිය යුතුයි. මන්ද පිටුපසින් එන පුද්ගලයාට එම දිගු ඇඳුම පෑගුණහොත් ඔබ ඇද වැටීමට පුළුවන. ඔබ පඩි පෙළක නගිද්දී වුවද ඇඳුම විසිරීමට ඉඩ නොදිය යුතු වේ. ඔබටම ඔබේ ඇඳුම පෑගී අනතුරු විය හැකියි.
ඒ වගේම ඔබ මෝටර් සයිකලයක ගමන් කරනවා නම් ඔබේ ඇඳුම කිසි විටෙකත් විසිරීමට ඉඩ නොදිය යුතුයි. ඔබේ අවධානය ගිලිහුණු යම් මොහොතකදී විශේෂයෙන් වාහනයේ රෝද තුළට ඇඳුමේ කොටසක් ගියහොත් ඔබට අනතුරු විය හැකියි.
මෙයාකාරයට අපි නොසිතන සුළු කරුණු නිසාවෙන් හදිසි අනතුරුවලට භාජන වූ බොහෝ පිරිසක් රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබති. එවැනි ඇද වැටීම් නිසා ඇතැමුන්ගේ පාදවලට, බෙල්ලට, පිට කොන්දට පවා බරපතළ හානි සිදුවී තිබේ.
එනිසා ඇඳුම් පැළඳුම් ඔබව ලස්සන කරන්නා සේම සුළු අතපසු වීම් නිසා ඔබව අනතුරකට හෙළීමට ඇති ඉඩකඩද වැඩි බව මතක තබා ගන්න. ඒ ඒ තැනට ගැලපෙන ලස්සන ඇඳුම් මෙන්ම ගමන් බිමන්වලදී හෝ පොදු ස්ථානවලදී හෝ ආරක්ෂිත ක්‍රමවේදත් අනුගමනය කිරීමට අමතක නොකරන්න. ඔබ අන් අයට දක්වන සැලකිල්ල ඔබ ඔබ කෙරෙහිත් දක්වන්න.
-සටහන- මාධවී ධර්මරත්න
2025 නොවැම්බර් මස 04
751
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හදිසි අනතුරු වලකන එදිනෙදා සරල පුරුදු