
(මනෝප්‍රිය ගුණසේකර)
නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතීයානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවීම මඟින් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුර සහන් මාපා බණ්ඩාර මහතා අද (18) නියම කළේය.
මීට වසර 06කට පෙර එනම් 2019 වසරේ හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් අල්ලස් පණතේ 70 වැන වගන්තිය යටතේ දැක්වෙන ‘දුෂණය’ නමැති වැරදි කළ බවට විත්තිකාර අමාත්‍යවරියට එරෙහිව චෝදනා 11ක් යටතේ අල්ලස් කොමිසම පවරා ඇති නඩුව කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
2019 ජනවාරි 14 වැනිදාත් 2019 ජනවාරි 31 වැනිදාත් අතර කාලය තුළ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතී්‍යානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවන ලදැයි අල්ලස් කොමිසම විත්තිකාරියටට එරෙහිව චෝදනා 11ක් යටතේ නඩු පවරා තිබිණී.
විත්තිකාරිය අල්ලස් පණතේ 70 වැනි වගන්තිය යටතේ දැක්වෙන ‘දුෂණය’ නමැති වැරදි කර ඇතයිද ඒ සම්බන්ධයෙන් ඇය දඬුවම් ලැබිය යුතු යැයිද අල්ලස් කොමිසම වැඩිදුරටත සඳහන් කර ඇත.
හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 08 දෙනකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛණ 25 ක් ඉදිරිපත් කිරරීට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර චන්දාණී බණ්ඩාර මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් පැමිණීල්ලෙන් තමන්ට දිය යුතු ඇතැම් ලේඛණ මෙතෙක් ලබාදී නැතැයිද පැවසීය.
අදාළ ලේඛණ විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළ විනිසුරුවරයා කඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු කාන්තා - ළමා කටයුතු අමාත්‍යවරියට එරෙහි නඩුවට දින දෙයි