IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හක්මන පොලිස් නිලධාරීන් 4කගේ වැඩතහනම්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
හක්මන කිරින්දේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත හක්මන පොලීසියේ සැරයන්වරුන් තිදෙනෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් මහතා ක්‍රියාකර ඇත.
 
ඊට අමතරව  හක්මන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් පිරිසකට එරෙහිවද විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාට උපදෙස් ලබා දී තිබේ. අදාළ සිදුවීම ඇති වීමට පෙර හා පසු පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම එහි අරමුණ වී ඇත.
 
යම් හෙයකින් එහිදී තවත් පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බවට කරුණු අනාවරණය වුවහොත් ඔවුන්ට විරුද්ධව ද විනයානුකුලව පියවර ගන්නා ලෙස ප්‍රනාන්දු මහතා වැඩිදුරටත්උපදෙස් ලබා දී තිබේ.
 
මේ අතර ඉකුත් සිකුරාදා (27) රාත්‍රියේ හක්මන කිරින්ද නගරයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුල මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලීසිය කියයි. පොලීසියට අමතරව යුද හමුදාව හා පොලිස්විශේෂ කාර්ය බලකාය ද ඒ සඳහා කැඳවා  තිබුණහ. එම ප්‍රදේශයේ  ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
 
මේ අතර කිරින්දේ සිද්ධිය පිටුපස තමන් සිටින බවට අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරවන ලද පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ඊයේ(28) මාතර මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

හක්මන කිරින්දේ ආරවුල සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනෙකු අද (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (2)

හක්මන පොලිස් නිලධාරීන් 4කගේ වැඩතහනම්

Amila Sunday, 29 September 2019 09:13 AM

රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලටත් අන්තවාදය ඇවිත් තියෙන්නේ. ඒකයි මේ ප්‍රශ්න අනවශ්‍ය විදියට දුරදිග යන්නේ...

:       1       184

janahitha Sunday, 29 September 2019 09:32 AM

ආන්න හරි.. ඕන්න ඕකයි තත්වේ

:       2       38

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31654 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14099 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11102 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site