
(විමුක්ති එස් රුද්‍රිගු)
හොංකොංහි සදබි වෙන්දේසි කාර්යාලය වෙන්දේසි කිරීමට ගිය බෞද්ධාගමට අයත් පිප්‍රහ්වා පෞරාණික ධාතු එකතුව ඉන්දියාවෙන් රැගෙන ගොස් වසර 127 කට පසුව නැවතත් ඉන්දියාවට ලැබුණු බවත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි 10 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3000 ක් පමණ) බවත් එරට සංස්කෘතික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එය ඉන්දියාවට ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ කර්මාන්තකරුවකු වන පිරෝජ්ෂා ගොඩ්රෙජ් ඉදිරියට පැමිණි බවත් එම එකතුවේ තිබූ ආභරණ 349 න් වැඩි කොටස වසර 5 කාලයක් සඳහා ජාතික කෞතුකාගාරයට ලබාදීමට ගොඩ්රෙජ් එකඟ වූ බවත් ධාතු එකතුව ඉන්දියාවට ලැබුණු දිනසිට මාස තුනක කාලයක් සමස්ත එකතුව ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරනු ඇති බවත් ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය පැවැසුවේය.
කෙසේ නමුත් එම ධාතු එකතුව සදබි වෙන්දේසි කාර්යාලයෙන් ලබා ගැනීමට ගොඩරෙජ වෙන්කළ මුදල ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
බොහෝ බෞද්ධ කණ්ඩායම්වල විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු කිරීමේ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තැරැව්කාර ආයතනයක් වන සදබි වෙන්දේසි සමාගමේ හොංකොං කාර්යාලය පසුගිය මැයි 7 වෙන්දේසි කිරීමට උත්සාහ කළේය.
නමුත් ඉන්දියාවේ මැදිහත් වීමෙන් එම වෙන්දේසිය නතර විය.
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොංකොන් ගිය පෞරාණික ධාතු යළි ඉන්දියාවට