(මනෝප‍්‍රිය ගුණසේකර)
මැතිවරණයකට නොගොස් බලයේ රැදී සිටීමට දරණ උත්සහය මේ දිනවල පාර්ලිමෙන්තුවේ සිදුවන වැඩ වලින් පෙනෙන්නට ඇතැයි පැවසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක රාජ්‍ය භාෂා සහ සංහිදියා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හැකිනම් මහ මැතිවරණයකට මුහුණ දී පෙන්වන්නැයි එක්සත් ජාතික පක්‍ෂයට අභියෝගයක්ද කළේය.
‘ජනතා වරමකට ඉඩදෙමු’ යන තේමාව යටතේ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය හෙට (27) වැනිදා කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ආරම්භ කරන උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් වාසුදේව නානායක්කාර මහතා එලෙස අභියෝගයක් කළේය.
වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය විසින් මරදාන ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මුලස්ථානයේදී අද (25) මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය භාෂා සහ සංහිදියා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඒකාබද්ධ වියරුවට එරෙහිව රංචු ගැසෙන බව කියමින් මේ දිනවල මුද්‍රිත මාධ්‍ය ආණ්ඩුව හංවඩු ගහනවා.
පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබීමට ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා එක්වරක් පාර්ලිමෙන්තුව කල් තැබු පසු ඒකට විරුද්ධව මහා කෑගැසිල්ලක් ඇති වුණා. ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගත් ලැබුණා. පාර්ලිමේන්තුව තවත් වරක් කල් තැබීමට ජනාධිපතිවරයාට හැකියාව ඇතත් ආපසු පාර්ලිමෙන්තුව කල් නොතබන බව ජනාධිපතිවරයා කීවා.
යහපාලන ආන්ඩුවට මහජනතාවට සහන දෙන්න බැරි වුණත් මහින්ද රාජපක්‍ෂ මහතාට මුදල් ඇමතිකම ලැබී දින කිහිපයක් තුළ ඔහු මහජනතාවට සහන දුන්නා. පොහොර සහනාධාරය ලබාදෙමින් ගොවීන්ට සහන දුන්නා.
මහජනතාවට සහන දෙන මේ පෙළ ගැස්මට කවුරු හරි විරුද්ධ නම් ඒ විරුද්ධවාදීකමට එරෙහිව ජනතාවගේ බලය පෙළගැස්වීමට අපි සුදානම්.
මධ්‍යම හා ඉහළ පන්තියේ ධනවතුන් ඇතුළුව පිරිසක් එයට විරුද්ධව කෑගසනවා. ඔවුන්ට මේ ආණ්ඩුවට එරෙහිව දිනපතා ජනතා කැඳවීම් කිරීමට හැකිනම් අපිට පැයෙන් පැයට ජනතා කැඳවීම් කරන්න පුළුවන්. ඒ සඳහා අපි සුදානම්.
ජනතාවගේ බලය පෙන්විය හැක්කේ පාර්ලිමෙන්තු ඡන්දයකින්. මැතිවරණයකට නොගොස් බලයේ රැදී සිටීමට සමහරුන් දරණ උත්සහය මේ දිනවල පාර්ලිමේන්තුවේ සිදුවන වැඩ වලින් පෙනෙනවා. මේ අය ජනතාවට කොච්චර බයද? පාර්ලිමේන්තු ඡන්දයකට කොච්චර භයද? කියා ඔවුන්ගේ වැඩ වලින් පෙනෙනවා. ඔවුන්ගේ හඬින් මේ රට යට කරන්න දෙන්නේ නැහැ. ජනතාවගේ හඬි
මේ රට නඟා සිටුවීම ආරම්භ කරමින් ඒ සඳහා වන බලවේග ලබන 27 වැනිදා අපි කොළඹට කැඳවනවා.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හැකිනම් මහ මැතිවරණයකට එන්න