(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ඔඩ්ඩුසුඩාන් පෙරියකුලම් වෙල්යායේදී හක්කපටස් බෝම්බයක් පිපිරී යාම හේතුවෙන් මිය ගිය වන අලියෙකුගේ සිරුරක් සොයාගත් බවට මුලතිව් වනජීවි කාර්යාලය පවසයි.
දින කිහිපයකට පෙර වනඅලියා හක්ක පටස් බෝම්බයකට ගොදුරු වී ඇති අතර පසුව ආහාර ගැනීමට නොහැකිව තුවාලය නරක්වීම හේතුවෙන් වන අලියා මිය ගොස් ඇති බවට වනජීවි නිලධාරීන් සැක පල කර සිටියි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 08 ක් පමණ වයසැති උස අඩි 6 කට ආසන්න වූ වන අලියෙකු වන අතර හක්ක පටස් බෝම්බය තිබූ ස්ථානය සහ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකි වූ බවටද වනජීවි නිලධාරීන් පවසයි.
උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක් වන අලියා මිය ගොස් සිටි ස්ථානයට ගොස් අවසන් කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති අතර හක්ක පටස් බෝම්බය තිබූ පුද්ගලයින් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද මුලතිව් අඩවි වනජීවි කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හක්කපටස් කෑ අලියා මරුට