
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය හැරගොස් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් 21 දෙනෙකු නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
එම මහජන නියෝජිතයින් අතරින් 9 දෙනෙක් අම්බලන්තොට, නෝනගමදී පැවැත්වූ සාකච්ඡාවකින් පසු එක්සත් ජාතික පක්ෂයට එක් වූ බව වජිර අබේවර්ධන මහතා කීය.
මෙලෙස එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අය අතර තංගල්ල මහ නගරසභා මන්ත්‍රී මෙහොමඩ් සිරාස්, හම්බන්තොට නගරසභා මන්ත්‍රීවරුන් වන දිනේෂ් දර්ශන, එම්. මොහොමඩ් රිසාන්, ශරිෆ්දීන් ෆරීස්, එස්. අරුණ ශාන්ත, මොහොමඩ් සම්සූදීන්, තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. පී. ධම්මික, තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් කුමාර, අම්බලන්තොට ප්‍රාදේශීයසභා මන්ත්‍රී අහමඩ් ශකූර් යන අය වෙති.
මෙම මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීම සම්බන්ධව ඔවුන්ට එරෙහිව එජාපයේ විනය කමිටුව විසින් පසුගිය කාලයේ විනය පරීක්ෂණ පැවැත්වූ අතර වජිර අබේවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවේදී දිවුරුම් ප්‍රකාශයක් ලබාදී නැවත පක්ෂය සමග එක්ව ක්‍රියාකාරීව කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබේ.

COMMENTS
පනින රිළවු...
කොහේ හිටියම මොකද?. හරි හමන් ප්‍රතිපත්තියක් තියාගෙන දේශපාලනය කරනවා නෙවෙයිනේ.... හොරාකන්න මාර්ගයක් හොය හොයා දඟලන එකනේ...
දැන් නම් රට ගොඩ... නොදකින්...!
ජයවේවා..!!!
මේ අයට මෙලොවත් නැහැ.. එළොවත් නැහැ..
පක්ෂ භේදයකින් තොරව, තමුන්ගේ වාසියට එහෙට, මෙහෙට පනින රිළවුන්ට ඡන්දෙ දෙන්න එපා...
එජාපයේ මහ එකා..., පාවාදෙන්නා සමග එක්වෙලා මෙයාලා කොයිවල යන්නද?
එජාපය, පොහොට්ටුව, ශ්‍රී ලංකා, සජබ ඔය ඔක්කෝමගේම ඉන්නේ එකම කට්ට්ය. වාසි පැත්තට පැන පැන යන අය බොහෝයි. කිසිම වෙනසක් නැහැ කවුරු ආවත්.
කෝ වජිරගෙ මාස්ක් එක. කවදාවත් මාස්ක් නොදාන වජිරට වෙනම නීතියක් වගේ. බලධාරීන් නිහඬයි.
මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ටික අරගෙනද මේ ලොකු කයිවාරුව.ඔයාලාගේ පක්ෂයට නැවත ගොඩ එන්න බැහැ.ඒ ඔයාලා රටට කරපු වැරදි නිසා