IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක්

(නිමල කොඩිතුවක්කු)

ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී  පැවසීය.

ප්‍රාථමික, ද්විතීක හා තෘතීයීක අංශයේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව සැපයීම, ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන අංශ ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව දියුණු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ආයුර්වේද වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීම සදහා බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් සංවර්ධනයට පියවර ගන්නා බවත් ජයතිස්ස මහතා කීවේය.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ බටහිර වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක රජයේ රෝහල් 1164 සහ  ආයුර්වේද අංශයේ රෝහල් 112 පිළිබදව අවධානය යොමු කර ඒවා දියුණූ මට්ටමට ගෙන ඒම වත්මන් රජයේ සැලසුම බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මින් ඉදිරියට කටයුතු කිරීමේදී එම සැලසුමෙන් බාහිරව ඇමතිවරයාගේ හෝ පළාතේ දේශපාලඥයාගේ මනසේ පහල වන මනෝරාජික සංකල්ප නිලධාරීන් හෝ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක නොකල යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේවික්‍රම මහතා ඇතුලු ආයුර්වේද වෛද්‍ය සභාවට අලුතින් පත් වු සාමාජිකයින්, ආයුර්වේද වෛද්‍යවරුන්, නිලධාරීන්, ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (5)

සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක්

Thilina Thursday, 09 January 2025 03:57 PM

රෝහල්වල ලැට් එකට ගියා නන් පෙනෙයි ගුණාත්මක බව

:       3       52

sene Thursday, 09 January 2025 04:13 PM

කොහේ ගියත් මොනා හෝ කියවලා මම පොර වෙනුවට දෙයක් කොරලා පෙන්නුවානම් නේද හොඳ.

:       1       31

sunil Thursday, 09 January 2025 10:17 PM

ලාංකික සෞඛ්‍ය විශේෂඥයින් ලංකාවේ රැඳෙමින් පෞද්ගලික රෝහලක හෝ විශිෂ්ට සේවාවක් කරන්නේ නම් ඒවා තුලින් පිට රටියන්ට මෙරටදී සේවා සපයා ලොකු ආදායමක් ලබාගන්න පුළුවන්. ලංකාව සෞඛය ගමනාන්තයක් කරන්න පුළුවන්.. අපේ දොස්තරලා තමන්ගේ බේරීමට පිටරට යන එක නවත්වා ඔය පැත්ත බැලුවොත් ඉතා හොඳයි.

:       0       5

සාලිය Friday, 10 January 2025 07:32 AM

කඩ ආහාර වල ගුණාත්මක භාවය, දිනපතා ව්‍යායාම කිරීම, මේවා මාද්‍ය හරහා දැනුවත් කරන්න. මිනිස්සු කැමති ඒවා වැලදගන්න ඒත් මග පෙන්වීම අඩුයි, නිව්ස් බැලුවොත් වැඩිපුරම තියෙන්නේ දේශපාලනේ.

:       0       4

kanishka Friday, 10 January 2025 09:50 AM

ලංකාවේ සෞඛ්‍ය සේවය දියුනු කරනවනම් GOMA කියන ත්‍රස්තවාදී සංගමය තහනම් කරන්න ඕනි. මේ ගොල්ලො තමා හොර අතිකාල දා ගන්න ඇඟිලි සලකුනු නොතියා අනිත් වෘත්තිකය්න් අතර ප්‍රශ්න අති කරමින්, තමන්ට විතරක් විශේෂ වරප්‍රසාද ලබා ගන්න හැම වෙලෙම වර්ජන කරන්නෙ. 1990 ගිලන් රථ සේවය වගේ වටින සේවයක් ගේනකොට ඒකටත් විරුද්ධ උනා. GOMA සංගමය කැමති නෑ රටේ රජයේ රෝහල් පද්ධතියය සහ දේශීය වෛද්‍ය විද්‍යාව දියුනු වෙනවට. එහෙම දියුනු උනොත් තමන්ගෙ පුද්ගලික රෝහල් ඩිස්පෙන්සරි වල රෝගීන් අඩු වෙනව. ඒ නිසා තමා මෙයල රජයක් කරන හැම දේටම විරුද්ධ වෙන්නෙ. ඒ අතරෙ අවංක වෛද්‍යවරුත් ඉන්නව රටට සේව්ය කරන. එහෙම අයටත් ඉන්න දෙන්නෙ නෙ මේ GOMA නඩය. වර්ජන කරල එයාලව එලවනව. රටේ කෘෂිකර්මමයට සහ ජාතික වැටුප් ප්‍රතිපත්ති වලටත් පැනල ඒවත් ඖල් කරල කෑව. සෞඛ්‍ය සේවය විනීතව දියුණු කරන්නන්නම් මෙ GOMA නඩය එලවල දාන්න ඕනි

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27488 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18177 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10880 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 639 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 192 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 849 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site