IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සොරකමේ ගිය උපාධිධාරි ගුරුවරයා අත්අඩංගුවට

‍( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී  ඇතුළු වී  එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශීය හා විදේශීය මුදල් සොරා ගැනීමට පුරුදුව සිටි උපාධිධාරි ගුරුවරයෙකු , සොරාගත් විදේශීය මුදල් තොගයක් ද  සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි (47) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි. තිබිරිගස්යාය ප්‍රදේශයේ විහාරස්ථානයක සංඝාවාසයෙහි කාමරයක දොරක් කඩා ඇතුළු වී එහි තිබූ කැනේඩියානු ඩොලර් 100 , ඇමරිකානු ඩොලර් 370 , හා  දේශීය මුදල් රුපියල් 80 ,000 මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට ඉකුත් දා පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව කොළඹ  දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ විමර්ශනයකදී සිද්ධියට සම්බන්ධ සැකකරු කළුබෝවිල ප්‍රදේශයේ නවාතැන්පලකදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවකදී එහි තිබී කැනේඩියානු ඩොලර් 100 සහ ඇමරිකානු ඩොලර් 220 සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

පසුව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොහු කැසීනෝ සූදුවට තදින් ඇබ්බැහි වූ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් ඒ සදහා සොරාගත් මුදල් වැය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.



අදහස් (1)

සොරකමේ ගිය උපාධිධාරි ගුරුවරයා අත්අඩංගුවට

බකල ජයා Thursday, 16 January 2025 02:18 PM

එන පොට හොඳ නෑ වගේ. දැන් හොරකමේ යන්නත් ඩිග්‍රියක් ඕනෑ. ඊළඟ කොටස ලිව්වොත් මට NPP අය බනී...

:       3       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site