
(ගයාන් සූරිය ආරච්චි)
බීමතින් රජයේ පාසලකට ඇතුල්වී සිසුවියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (17) අත්අඩංගුවට ගත් බව මල්ලාවී පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මල් ආවේ පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකි.
මල්ලාවි ප්‍රදේශයේ රජයේ පාසලකට බීමතින් පැමිණි පොලිස් කොස්තාපල්වරයකු සිසුවියන් කීපදෙනෙකුට කරදර කරන බවට ලද තොරතුරකට අනුව මල්ලාවි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී අශෝභන ලෙස හැසුණු එම කොස්තාපල්වරයා අල්ලා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇත.
ඒ අනුව බීමතින් රාජකාරිය කිරීම, බීමතින් රජයේ පාසලකට ඇතුළු වී සිසුවියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරීම යන චෝදනා යටතේ සැකකාර පොලිස් කොස්තාපල් වරයා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.